ප‍්‍රධාන පුවත්

විදෙස් ගත වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක සඳහන් දිනයක් පිළිබඳ ඇති වු ගැටලුවක් හේතුවෙන් ලන්ඩන් බලා ගමන් කිරීමට අද(26) උදෑසන කටුනායකින් ගුවන් යානයකට ගොඩ වී සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉන් පිටතට වැඩම කරවා තිබේ.

ලන්ඩන් නුවර මෙම සති අන්තයේ පැවැත් වීමට නියමිතව තිබූ ධර්ම දේශනා කීපයක් සඳහා සහභාගී වීමට ධම්මාලෝක හිමියන් අද උදෑසන ලන්ඩන් යෑමට ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

එහිදී විදෙස් ගත වීමට අවසරයක් නොමැති බව ගුවන් තොටුපල නිලධාරීන් පවසා ඇති අතර, සිදු කළ පරීක්ෂණවලින් පසුව ධම්මාලෝක හිමියන්ට ගුවන් යානයට ඇතුළුවීමට අවසර ලබා දී ඇත.

කෙසේ වෙතත් ගුවන් යානය පිටත් වීමට සුළු මොහොතක් තිබිය දී නැවතත් උන් වහන්සේට විදෙස් ගත වීමට අධිකරණයෙන් ලබා දුන් නියෝගයක ඇති දිනයක් සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More