දේශීය පුවත්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇති බවයි.

වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී අනතුර සිදුවී ඇති බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායකයා සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද සිට ඇති බව සඳහන්ය.

මේ වන විට අදාළ යානයේ මළසිරුරු අටක් සොයාගෙන ඇති බව ද වාර්තා වෙයි.

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බලකායක් ලෙස යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් නායකත්වය දැරූ වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර, රුසියානු හමුදා සිය විශ්වාසය කඩ කළ බව පවසමින්, රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය කිරීමට ද එම කුලී හේවායින් පසුගිය කාලයේ උත්සාහයක ද නිරත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More