දේශීය පුවත්

චන්ද්‍රයාන් 3 යානය සඳ මතට ගොඩබැස තිබේ. එය ඉන්දීය වෙලාවෙන් සවස 06.04ට සඳ මතට ගොඩ බැස ඇත.

සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන ජාතිය බවට පත්වීම ඉන්දියාවට මෙමගින් අවස්ථාව උදාවිය.

සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට මෙම යානය ගොඩ බස්වා ඇති අතර, ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වන අතර, චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි.

කෙසේ වුවද, චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව පුරා පන්සල්, පල්ලි කෝවිල්වල ආගමික මෙහෙයන් පැවැත් වූ බවද සඳහන් වන අතර අතර, පාසල් දරුවෝ ඉන්දීය ධජ ලෙලවමින් චන්ද්‍රයාන් සඳ මත ගොඩබසින සජීවි දර්ශන නැරඹීමට පෙළගැසී ඇති බවත් වාර්තා වේ.

බ්‍රික්ස් සමුළුවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එය නරඹන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සිටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More