ප‍්‍රධාන පුවත්

ආර්ථික වශයෙන් ලාභදායි මෙන්ම රටේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතනයක් වන මත්තල ගුවන්තොටුපළ ගුවන් සේවා පනත වෙනස් කර හෝ විකිණිය යුතු බව පවසන ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද (25) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා ‘‘වරාය ඉදිකිරීමත් සමඟ මත්තල ගුවන්තොටේ අවශ්‍යතාව දෙගුණ තෙගුණ වුණා. දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා දිවෙන මුහුදේ පිහිටි ලෝකේ ලොකුම වරායවලින් එකක් වන්නේ හම්බන්තොට වරායයි. ඇත්තටම ලෝකයේ විශාලතම වරායවල් අතුරින් 10 වන ස්ථානය හිමි වරාය ද හම්බන්තොට වරායයි. ඒ තරම්ම වැදගත් වරායකට සේවා සැපයීමට ජාත්‍යන්තර මට්ටමේ විශාල ගුවන් පථයක් හිමි ගුවන්තොටුපළක් අවශ්‍යයි. ඒ නිසා හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ අපට හිමි ඉතාමත් වැදගත් ආර්ථික මර්මස්ථාන දෙකක්. ‘‘ යයිද පවසා සිටියේය.

එමෙන්ම මේ තරම් වටිනාකමක් ඇති ආයතන දෙකක් වන හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල කළමණාකරනය කර ගැනීමට නොහැකි අමාත්‍යවරයෙක් මෙන්ම ආණ්ඩුවක් රටකට අව්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණයකර සිටියේය.

මත්තල ගැන කෙස් කෙලින් වෙන හෙළිදරව්වක්…

මත්තල ගැන කෙස් කෙලින් වෙන හෙළිදරව්වක්…

Gepostet von Lanka Lead News am Mittwoch, 25. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More