මුහුණු පොතෙන්

සමහර FB Group වල තාක්ශනය හා පහසුකම් තියන රටවල් වල වෛද්‍ය වරුන් ලංකාවේ වෛද්‍ය වරුන්ට වඩා හොඳ වෙන්න ඕනෙ නේද වගේ කුකුසක් යන පෝස්ට් දැකල මේ දත්ත ටික දාන්න හිතුනෙ.

රට සෞඛ්‍යය ඒ රටේ ආර්ථික හැකියාව හා ඒ රටේ වාර්ශික සෞඛ්‍යය වියදම මත තීරණය වන එකක් නොවේ. මොනතරම් නවීන තාක්ශනය තිබුනත් ඒ රටේ මානව සම්මත හා ඒ අයගේ නිපුණතා (skills) උසස්මට්ටම නොවේ නම්, රෝග නිවාරණ (Preventive) හා රෝග සුවකිරීම(Curative) අංශවල කාර්‍යක්ශමතාව උසස්මට්ටමක නොවී නම් සමසතයක් ලෙස ඒ රටේ සෞඛ්‍ය දර්ශක තාක්ශනය හා ආර්ථික හැකියාව අනුව උසස් වන්නේ නැත.

ඇමරිකාව නැත්නම් USA ලෝකයේ වැඩිම ඒකපුද්ගල සෞඛ්‍යය වියදම දරන රටයි. (ඇ.ඩො 11702.41) විද්‍යා තාක්ශණික දියුණුව අති ඉතා උසස්මට්ටමක සිටියත්,

ඔවුන්ගේ 2023 Health index score එක 73.3 කි.

ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන Health index score එක 76.6 කි.

(Health index score එක වැඩිම රට වන සිංගප්පූරුව 86.9 ලෙස ඔවුන්ගේ අගය රඳවාගෙන සිටී. ඔවුන්ගේ ඒක පුද්ගල සෞඛ්‍යය වියදම ඇ.ඩො 3537කි)

ඇමරිකාවට වඩා ඉහල score එකක් ඇති ශ්‍රී ලංකාවේ වාර්ශික සෞඛ්‍යය වියදම ඇ.ඩො 151.07 කි. එය ලොව 122 තැනයි.

ඊට සාපේක්ෂව ඇමරිකාවේ සෞඛ්‍යය වියදම 77 ගුණයකින් ඉහලය.

අංක එකේ රටවන සිංගප්පූරුව ශ්‍රී ලංකාවට සාපෙක්ෂව 23 ගුණයක මුදලක් සෞඛ්‍යයට වියදම් කරයි.

එතරම් අඩු වියදමකින් ඇමරිකාව ඉක්මවූ දියුණු සෞඛ්‍යය මට්ටමක් අපරටට අත්කර දෙන්නෙ වෛද්‍ය වරුන්, හෙදියන්, වින්නඹු, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ආදී අපගේ සෞඛ්‍යය ක්ශෙත්‍රයේ මානව සම්මතයි.

කරන වියදමට සාපේක්ෂව උපරිම සෞඛ්‍ය දර්ශක රඳවන රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණ ගන්නා රටකි. ඒ අනුව මෙතරම් අඩුපාඩුකම් මැද පවා අපේ රටේ කාර්‍යක්ශමම පොදු ජන සේවය වන්නේ සෞඛ්‍යය සේවය ලෙස අපට නම් කල හැක.

මෙරට දේශපාලකයන්, ඔලමොට්ටල ආර්ථික විශේෂඥයන් මේ රටේ ජතාවට බංකොලොත් රටක්, ආර්ථිකයක්, ජීවන තත්වයක් උදාකර දී ඇති විට

මෙරට සෞඛ්‍ය සේවාව ඔවුන්ට සියලු අඩුපාඩු කම් මැද ඇමරිකාවට වඩා හොඳ සෞඛ්‍යය සේවයක් ලබා දී ඇත. නිසි ප්‍රතිපාදන, දිරිගැන්වීම්ව් හා විශෙෂ්ඥයන් ලබාදුන් සැලසුම් ක්‍රියාත්මක කලා නම් අපේ සෞඛ්‍යය මට්ටම සිංගප්පූරුව මට්ටමට ගෙනයාමට ඔවුන් ඊට වියදම් කරන මුදලින් 10 පංගුවක්වත් වැය වන්නේ නැත.

පොදු ජනතාව කලයුතු දෙය වන්නේ රටබංකොලොත් කල දේශපාලකයන් ගේ ගුන්ඩු වලට රැවටී තමාට ලැබී ඇති නිදහස් සෞඛ්‍ය වනසා ගැනීම නොව තමාගේ වෛද්‍ය වරයා, හෙදිය ආදී මෙරට සෞඛ්‍යය සේවාදායකන් හා එක්ව නිදහස් සෞඛ්‍යය හා ජීවත්වීමේ අයිතිය රැක ගැනීමයි.

– වෛද්‍ය රුවන් ජයසූරිය –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More