මුහුණු පොතෙන්

ජාතික කොඩියෙන් සැරසුණු දුම්රිය තුනක් කොළඹ, මහනුවර, ගාල්ල යන දුම්රිය ස්ථාන තුනෙන් මුලතිවු බලා පිටත්වීමට නියමිත ය. (රන් මලක් ලෙස දෙව් බඹුන්, ජය බන්දා ලොවේ, හෙට දවසේ වීරයෝ යන ගීත පසුබිමෙන් ඇසේ) දුම්රිය තුනටම මුදල් ගෙවා ඇත්තේ සුදාම්මි කෙනෙකි.

පුලියන්කුලම වැව ඉහත්තාවේ කුඩාරම් ගැසූ කකියන ලේ සහිත තරුණ තරුණියෝ දහවල් කාලයේ ගීත ගැයීම, චිත්‍ර ඇඳීම, කළුපාට කූඩූ සෑදීම, යෝගා කිරීම, නාට්‍ය රඟදැක්වීම ආදීය සිදු කරයි. රාත්‍රී කාලයේ කූඩාරම් අභ්‍යන්තරයේ තෙතමනය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නිසා දෝ ” වැල වරකා කරනවා, ගෙම්බා කූඩූ කරනවා, චණ්ඩි මෙල්ල කරනවා, බෝල බැලන්ස් කරනවා” වැනි වදන් කෙඳිරිලි හඬකිකින් කියනවා ඇසේ. ඇතැම් රාත්‍රියක බලි තොවිල් නැටීම, පුහුල් කැපීම ආදියත් සිදු කරයි.

කූඩාරම්වලට ආහාර සපයන්නේ ප්‍රසිද්ධ ආයතන මගිනි. පෙරේරා ගේ පුත්‍රයෝ ආයතනය කෙටිකෑමත්, බටර් බූට් ආයතනයෙන් වන්ඩු ආප්පත්, අබ්දුල් ගෆූර් ආයතනයෙන් බුරියානිත්, මිසිස් කොත්තු ආයතනයෙන් ජලයත් අඛණ්ඩව සපයනු ලබයි. ත්‍රෙලෝකවිජයපත්‍ර සහ අයිස් වැනි උත්තේජක සපයනු ලබන්නේ ‍රහසේය.

කලාකරුවෝ පුලියන්කුලම වැව් තාවුල්ලට රැස්ව ඇත. සුදු සාරියකින් සැරසුණු අනේ මන්දා නාලනී ” කුරුන්දියක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්..” ගීතය ගයමින් රැස්ව සිටින පිරිස උද්‍යෝගිමත් කරයි. ඇතැම් කලාකරුවන් ” මීට පස්සේ VIP වෙන්නේ කුරුන්දියට යන වාහන විතරයි” යනුවෙන් ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සිටී. වැඩිපුර ජංගි ඇත්තෝ ඒවා ගලවා වැටේ ගසයි. තවකෙක් ” කොන්ද කෙලින් තියාගෙන ගිනි තියපියවු මුළු රටම” යනුවෙන් වොයිස් කට් ලබා දේ.

ධර්ම චක්‍රයක් කර තබාගත් ජෙජ්ජි අප්පුහාමි පාගමනින් කොටහේනේ දීපදුත්තාරාමයේ සිට මුලතිවු බලා පිටත්ව ඇත.(මෙය කෙටි චිත්‍රපට රඟ දැක්වීමක් නොවේ) ඔහුව පිළිගැනීමට ප්‍රියන්ත මහෞල්පතගම මුලතිවු හි නිරාහාරව බලා සිටී. බිහිසුණු වේග පන්දු යවන්නෙක් වන තුනටිය හන්දියේ ප්‍රසාද් අඛණ්ඩ උපවාසයක නිරතව සිටී. අන්තරේ දහස් ගණන් සිසු පිරිස ” කපා කපා කෑලි කපා” යනුවෙන් හඬ නගමින් පා ගමනින් පැමිණේ. සමාජවාදී තරුණ සංගමය කැට අතැතිව පැමිණේ.

හදිසි අවස්ථාවක දී නීති උපදෙස් ලබා දීම උදෙසා නීතිඥයන් පිරිසක් කුරුන්දි චෛත්‍ය වටේ අත්වැල් බැඳගෙන පවුරක් මෙන් රැඳී සිටී. අත්පුඩි ගැසීම සඳහා තවත් නීතීඥයන් පිරිසක් මුලතිවු දිස්ත්‍රික් අධිකරණය වෙත පිටත්කර ඇත.

භික්ෂූන් වහන්සේලා කන්‍යා සොයුරියන් හා එක්ව බිම වාඩී වී සතර සතිපට්ඨානය මෙනෙහි කරයි. ඇට්ටා, බැට්ටා, කුරුට්ටා වැනි යූටියුබ් විරුවන් මෙගාෆෝන්වලින් රැස්ව සිටින පිරිස අමතයි. මුලතිවු දිස්ත්‍රික්කය පුරාම වාහනවලින් ගමන් කරන්නන් ” නමස්තේ නමස්තේ” හින්දි ගීතයේ තාලයට ” කුරුන්දි කුරුන්දි” යනුවෙන් හෝන් ගසයි.

මේ අතර Facebook විරුවන් #AnonymousSaveKurundi, #GiveUsOurKurundiBack, #SaveArchaeologicalSites, #ArchaeologicalCrisisLK, #GoHomeTraitors වැනි හෑෂ්ටැග් දහස් ගණනින් කමෙන්ට් කරන ලෙස ඉල්ලයි.

අපි දුක් විඳින අවසන් පැයේ දී කුරුන්දිය බේරා ගන්නේ එසේය.

ඇයි හිනාවෙන්නේ ? ඔහෙලා හිතන් ඉන්නේ රෝං ජෙනෙරේෂන් අරගල කරන්නේ පෙට්‍රලුයි, කරන්ට් එකයි නැතිවුණහම විතරයි කියල ද? අනේ නිකං වැඩක් බලාගෙන යනවා හලෝ යන්න..

– සොනාල ගුණවර්ධන –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More