දේශීය පුවත්

ඉන්දියාව සහ චීනය අතර හිමාලයානු දේශසීමා කලාපය සම්බන්ධයෙන් පවතින මතභේදය විසඳා ගැනීමේ අඛණ්ඩ උත්සාහයේ එක් පියවරක් ලෙස ඉන්දියාව සහ චීනය මේ සතියේ නව සාකච්ඡා වටයක් පැවැත්වීමට කටයුතු කළේය.

ඒ අනුව දේශසීමා ගැටළු පවතින ප්‍රදේශවල සාමය පවත්වා ගැනීමට අමතරව ඊනියා “තථ්‍ය පාලන රේඛාව (Line of Actual Control -LAC)” සම්බන්ධයෙන් ඉතිරිව ඇති ගැටළු “කඩිනම් ආකාරයකින්” විසඳීමට දෙරට එකඟ වූ බව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (16 ) ප්‍රකාශ කළේය.

ඉන්දියානු සහ චීන යුද හමුදා වල අණ දෙන නිලධාරීන්ගේ මට්ටමේ සාකච්ඡාවල 19 වැනි වටය දේශ සීමාවෙහි ඉන්දීය කළාපයේ පිහිටි චුෂුල්-මෝල්ඩෝ දේශසීමාවට අයත් ස්ථානයේදී පැවැත්විණි.අදාල සාකච්ඡා වලින් පසුව නිකුත් කරන ලද ප්‍රකාශය මගින් ප්‍රකාශ කර සිටියේ දෙරටම “ධනාත්මක, සාධනීය සහ ගැඹුරු සාකච්ඡාවක්, දෙරටෙහි නායකත්වය විසින් සපයනු ලබන මාර්ගෝපදේශයට අනුකූලව” පවත්වා ඇති බවයි.

ඒකාබද්ධ ප්‍රකාශයට අනුව ඉතිරි ගැටලු කඩිනමින් විසඳා ගැනීමටත්, මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා සංවාදයේ සහ සාකච්ඡාවල වේගය පවත්වා ගැනීමටත් දෙරට එකඟ විය. එම කාලය තුළ දේශසීමා ප්‍රදේශවල භූමියේ සාමය සහ සන්සුන් භාවය පවත්වා ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන BRICS නායක සමුළුවේදී සහ සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ පැවැත්වීමට නියමිත G20 සමුළුවේදී එකිනෙකා හමුවීමට පෙර මෙම නව සාකච්ඡා වටය ආරම්භ වීම විශේෂත්වයක් බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. අන්තර්ජාල පුවත්පතක් වන “ද ප්‍රින්ට්” පුවත්පතට අනුව, දෙපාර්ශවය අතර පැවැති දින දෙකක සාකච්ඡා පුළුල් පරාසයක ගැටළු කෙරෙහි අවධානය යොමු කළ අතර දෙපාර්ශ්වයම “ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට” තීරණය කළහ. එලෙසම දේශසීමාවේ හමුදා සහ යුද උපකරණ ස්ථානගත කිරීම නතර කිරීමට දෙරටම එකඟ වූ බවද පුවත් වාර්තාව වැඩිදුරටත් පවසයි.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More