ක්‍රීඩා පුවත්

කී‍්‍රඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ඊයේ (24) දැනුම් දී ඇත.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක‍්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අතර කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා කළ විමසීමකින් අනතුරුව මෙම තත්ත්වය ඇතිවී ඇත. අර්ජුන රණතුංග අමාත්‍යවරයා කි‍්‍රකට් අතුරු කමිටුවක් පත්කරන ලෙස ප‍්‍රකාශ කළ ප‍්‍රකාශය පිළිබදව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී සාකච්ඡුා වී ඇති අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.

ක‍්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා නිසි ලෙස කටයුතු කර නොමැති බව එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැුස්වීමේදී පවසා තිබේ.
ඊට ප‍්‍රතිචාර දක්වමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥයෙක් බවත්, තමන්ද නීතිය හරි හැටි දන්නා බවත්ය. ක‍්‍රිකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මීට මැදිහත් වී ඇත.

ජනාධිපතිවරයා එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවැරී ඇති රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කරන ලෙසද ජනාධිපතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙත මෙහිදී උපදෙස් දී තිබේ.

ඊට පත්වන පුද්ගලයින් කවුරුන්ද යන්න තමන්ට අදාළ නොමැති බවත් නිලවරණය කඩිනමින් පවත්වා නිලධාරීන් පත්කරන්නැයිද ජනාධිපතිවරයා මෙහිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත පවසා ඇතැයි අමාත්‍ය මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවැසීය.

– Lakbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More