දේශීය පුවත්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාවේ ගුවන් කාලය බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දී ඇති ගිවිසුම මසක දැනුම්දීමකින් අවසන් කළ හැකි බවට විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියද එය සැබෑ වශයෙන්ම බදු දී ඇත්තේ මාස තුනක කාලයකට බව රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම ඒ සඳහා අකුරු තුනක නමක් සටහන්ව ඇති සමාගමකින් රුපියල් මිලියන 50ක මුදලක් රූපවාහනියට මේවන විටත් ලබාදී ඇති අතර එම මුදල් රූපවාහිනිය විසින් මේවන විටත් වියදම්කර හමාර බව පැවසේ.

ඉන් රුපියල් මිලියන 25ක මුදලක් වැය කර ඇත්තේ රූපවාහිනියේ හිඟ විදුලි බිල්පත ගෙවා දැමීම සඳහාය.

ඒ අතරම තවත් රුපියල් මිලියන 25ක මුදලක් සටහන් කරන ලද ඉදිරියට නිදහස් කර ගැනීමට ඇති චෙක් පතක් ද මේ බදු දීම වෙනුවෙන් අකුරු තුනක් සඳහන් සමාගම විසින් ලබාදී තිබේ.

රුපවාහිනීයේ වත්මන් සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකම දරනු ලබන ද්විත්ව පුරවැසියකු වන ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසින් අදාළ සියලු සැලැසුම් සකස් කර ඇති බව පැවසේ.

එසේම ලොව පුරාම ලයිකා ආයතනයට එල්ලව ඇති ප්‍රධාන චෝදනාවක් වන කළු සල්ලි සුදු කිරීමේ කටයුතු සඳහා මෙසේ වැඩිපුර මුදල් ලබා දුන්නේද යන්න පිළිබව ද එම ආයතනයේ සේවකයන්ට සැකයක් මතුව තිබේ.

මේ අතර, රූපවාහනියේ සභාපති මේවන විට වැඩිපුර ලබාගත් මුදල වන මිලියන 50 ක මුදල නැවත වරක් අකුරු තුනක නම සඳහන් සමාගමට ලබාදීමට සූදානම් වන්නැයි රූපවාහිනියේ කාර්යය මණ්ඩලයට දන්වා ඇති බව පැවසේ.

කෙසේවුවද, ලයිකා වෙත ප්‍රසාද් චැනල් අයි නාලිකාව බදු දී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී එය බදුදීම සඳහා ටෙන්ඩරයක් කැඳවා ඒ සඳහා අයැදුම්පත් දෙකක් ඉදිරිපත්ව තිබියදීය.

එසේ අයැදුම්පතක් ඉදිරිපත් කළ ආයතන අතර ලයිකා නොතිබූ බවද පැවසේ.

චැනල් අයි දෙනව කියල ස්විච් කළේ නේත්‍රා

මේ අතර, චැනල් අයි නාලිකාව බදු දුන් බවට අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසින් දැනුම් දී තිබුණ ද ලයිකා වෙත ඇත්තටම ලබා දී ඇත්තේ මුළු දිවයිනම ආවරණය වන නේත්‍රා හි සංඛ්‍යාත බවද මේ වන විට හෙළිව තිබේ.

චැනල් අයි නාලිකාව සතු සංඛ්‍යාත මුළු දිවයිනම ආවරණය නොවීම එසේ සිදු කිරීමට හේතුව බව පැවසේ.

සමරසිංහ චීනයට පැනලා

මේ අතර, අදාළ ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නොහැකිවුවහොත් ඒ සම්බන්ධයෙන් ඇති වන තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආචාර්ය ප්‍රසාද් 16 වැනිදා සිට විදේගතවීමට කර තිබූ සැලැසුමට අනුව ඔහු ඊයේ (15) රාත්‍රියේ විදෙස්ගතව ඇතැයි පැවසේ.

ඔහු මෙසේ විදෙස්ගතව ඇත්තේ CRI රූපවාහිනියෙන් නොමිලේ ලබාදෙන වීඩියෝ වැඩසටහන් කිහිපයක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම වැනි අනවශ්‍ය කාරණාවකට බවද පැවසේ.

රූපවාහිනී වැඩසටහන් ලබා ගැනීම වැනි කාර්යන්වලට මීට පෙර සාමාන්‍යයෙන් වැඩසටහන් ප්‍රධානියා හා එම වැඩසටහන් වලට අදාල ඒකක ප්‍රධනියා සහභාගි වුවත් මෙවර ආචාර්ය ප්‍රසාද් හා ඔහුගේ කිට්ටුවන්තයකු වන මොතිලාල් හිස්වැල්ල (අන්තර් ජාතික කටයුතු ඒකක ප්‍රධානියා) සහභාගි වීම සම්බන්ධයෙන්ද රූපවාහිනී සේවකයන්ගේ අප්‍රසාදය මතුව තිබේ.

මෙහි වඩාත් හාස්‍යජනක තත්ත්වය වන්නේ මේ වන විටත් එම වැඩසටහන් රූපවාහිනියට මීටර් 500ක් පමණ ඈතින් පිහිටි මෙරට චීන තානාපති කාර්‍යාලයට සපයා තිබියදීත්, අදාළ ගිවිසුම අවශ්‍යනම් zoom තාක්ෂණය ඔස්සේ අත්සන් කිරීමට අවස්ථාව තිබියදීත් මෙසේ එය අත්සන් කිරීමට චීනයට යාමයි.

රූපවාහිනීයේ දැඩි ඉල්ලීම මත චීන රූපවාහිනිය ඔවුන්ට මෙම සංචාරය සංවිධානය කර ඇති බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම ප්‍රසාද් හා මොතිලාල් මෙසේ විදෙස්ගතව ඇත්තේ වැඩසටහන් ප්‍රධානියා වන සුමේධ හා හඩකැවීම් එකක ප්‍රධානි වජිරා කුමාරි විතානගේ යන දෙදෙනා මේ සදහා විරුද්ධත්වය ප්‍රකාශකර තිබියදී බවද පැවසේ.

– srilankamirror –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More