මෙය සත්‍ය කතාවකි මා ඇසුරු කරන සම වයසේ රටට හිතවත් රෝගීන්ට හිතවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිදෙනෙකුගේ මා දන්නා අත්දැකීමයි.
ඔවුන් ඉතා වෙහෙසව ඉගෙනගෙන පාසැල් වියේ දුටු සිහිනය සැබෑ දෙමාපියන්ගේ ඥාතීන්ගේ හා තමන් දුටු සිහින සැබෑ කර ගැනීමට සමත් විය ( මට එය හිමි නොවීය නමුත් කණගාටු නොවෙමි )
වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ මොහොත හා සුන්දර අත්දැකීම් සමඟ දෙමාපියන්ට බරක් වී වසර පහක් දෙමාපියන්ගේ මුදල් හා දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන ගැනීම අමතක කර නැත.
සීමාවාසික වෛද්‍ය වරයකු ලෙස ඉතා අඩු වැටුපකට පැය 24 පුරා ගත කළ කාර්ය බහුල ජීවිතය වෙනත් කිසිවෙකු අත්දැක නැත.
එදවස වෛද්‍ය වරයෙකු ලෙස දිවයින පුරා විවිධ රෝහල් වල ගත කළ දුෂ්කර ජීවිතය , ආර්ථික ගැටලු ,දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න සහ ආර්ථික ගැටළු වලට විසඳුමක් ලෙස යොමු වූ පෞද්ගලික වෛද්‍ය සේවය නිසා ගතකළ අවිවේකී ජීවිතය නිසා පෞද්ගලිකව අපට ද ඔහු මුණගැසීමට හැකියාවක් ලැබුණේ නැත.
විශේෂඥ වෛද්‍ය වරයෙකු වීමේ සිහිනය සහ ඒ සිහින සැබෑ කිරීමට මුල පිරීම නැවතත් පොතපතට සහ සායනික අත්දැකීම් වලට හුරු වූ කාර්ය බහුල ජීවිතයක් හිමි වීම අප දුටුවේ වැඩකට නැති දෙයක් ලෙසයි.
විවාහය, දරු සුරතල් සහ විශේෂඥ උපාධිය සඳහා ඉගෙන ගැනීම අතර වූ කායික හා මානසික ගැටීම් සමහර වෙලාවට ඇතැම් ඥාතීන් හා අප පවා මානසික ව ඔවුන් සමග උරණ වීමට සිදුව ඇත එය අප නොදන්නා කමිනි.
විශේෂඥ උපාධිය සම්පූර්ණ කිරීම සඳහා එංගලන්තය වැනි රටක ශ්‍රී ලංකා ජනතාවගේ බදු මුදලින් ගත කළ ජීවිතය සහ එරට තුළ රැඳී සිටිමින් ප්‍රකෝටිපතියකු වීමේ සිහිනයට පයින් ගැසීම අප දුටුවේ මෝඩකමක් ලෙසිනි.
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මව්බිමට පැමිණ දුෂ්කර ප්‍රදේශ වල සේවය සඳහා කැප වූ ජීවිතය අපිට සුන්දර ලෙස පෙනුණත් ඔහුට එය තම ළඟම ඥාතීන් පසෙක දමා හමුදා සෙබළෙකුගේ සේවය මෙන් වී ඇත.
පවුලේ හා දරුවන්ගේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගැටලු හා පවුල් ජීවිතයේ ආර්ථික ගැටලු සමඟ ගත වන වියපත් වූ වෛද්‍ය වරයෙකු ගේ ජීවිතය සුන්දර නොවේ.
ඉතා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකු වුවත් බදු මුදල් අඩු කර රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ වැටුපකට ජීවත් වීමට සිදුව ඇත ( ඇතැම් වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ නොයෙදේ )
මේ එක් කතාවකි මේ අනිත් කතාවයි.
ඔහු දැන් විශේෂඥ වෛද්‍යවරයෙකි ඒ ආකාරයටම කොළඹට නුදුරුව රෝහලක සේවය කරයි. යන්නේ බස් එකේය.
වයස අවුරුදු හතළිහක් පැන ඇත තවම නිවස සාදා ගැනීමට නොහැකි වූ ඔහු පුද්ගලික කාරය පවා විකුණා ඒ මුදල ගෙයට යට කර ඇත.
මේ සියල්ල අතහැර දේශපාලනඥයන්ගේ තක්කඩි කතා නොඅසා මාසිකව රුපියල් ලක්ෂ තිහකට වැඩි වැටුපකට එංගලන්තයේ ජීවත් වීමට හැක.
නැතහොත් ඕස්ට්‍රේලියාවට යා හැක.
රෝගීන්ට බාල බෙහෙත් දෙමින් රෝගීන් මැරෙන අයුරු බලා සිටිමින් නින්දා අපහාස විඳිමින් තමන්ගේ වෛද්‍ය ජීවිතය පවා අනතුරේ හෙළමින් සිටිනවට වඩා ඔබ විශේෂඥ වෛද්‍ය වරයෙකු වුව හොත් රට තුළ රැඳී සිටිනවාද ?????
එසේ අඩු වැටුපක් ලබමින් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් තමන්ගේ මාතෘභූමියට සේවය කරමින් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් මේ රට තුළ තවමත් රැඳී සිටිමින් රෝගී සත්කාරය සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ගැන අප ආඩම්බර විය යුතුව ඇත.
එසේම ඔවුන්ගේ සමාජ තත්වය අනුව සහභාගීවන සමාජ කටයුතු සහ මඟුල්තුලා සඳහා අනිකුත් රටේ අනිත් අයට වඩා වැඩිපුර මුදලක් වැය වේ එයද ලැබෙන වැටුපෙන් විසඳාගත යුතුව ඇත.
සීමාවාසික කාලසීමාවේ පැය 24 ම සේවය කරන සීමාවාසික පුහුණුව කාලයේ රුපියල් පනස් හත් දහසකට සේවය කරන වෛද්‍යවරුන් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේද?.
කෝටි ගණන් වියදම් කරමින් පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ඉගෙන ගන්නා අයවලුන් තමන් වියදම් කරන ලද මුදලට මේ වැටුපට සේවය කරයිද නැතහොත් සමස්ත රටම විනාශ කරයිද?.
නම්බුනාම සඳහා පමණක් දොස්තරකම පාවිච්චි කරයිද,
මේ සියලු බලාපොරොත්තු බිඳ වැටෙන තත්වයක් තුළ තවදුරටත් වෛද්‍යවරයකු මේ රටේ සිටී ද යන්න ප්‍රශ්නයකි?.
මේ රටේ ඉහළම සුදුසුකම් ලබා අඩු වැටුපකට බැණුම් අසමින් සේවය කිරීමට ඔබ කැමතිද?
එහෙත් ඊට වඩා අඩු සුදුසුකම් මත ඒ තරම් කැපවීමක් නොකර වෙනස් ක්ෂේත්‍ර වල මාසිකව රුපියල් ලක්ෂ 5 පනිමින් වැටුප් ලබමින් ජීවත්වීම මීට වඩා සුදුසු නො වේ ද?
අපේ රටේ වෛද්‍යවරු කෙරෙහි දක්වන ඉමහත් ගෞරවය ආදරය රැඳී ඇත්තේ ඉහත කී වෛද්‍යවරුන්ගේ කැපවීම සහ ඔවුන්ගේ උගත්කම සහ එහි ප්‍රමිතිය නිසාවෙනි
කමක් නෑ අපි වෛද්‍යවරුන්ට බනිමු පෞද්ගලික සේවා වන් වලට ඉඩ දෙමු.
රටපුරා සිටින ඔබ සියල්ල ඉන්පසු ජීවිත රක්ෂණ ඉහළ මුදලක් ගෙවා ලබා ගමු.
ඒ වෙනුවෙන් ඔබ වැය කරන මුදල් වියදම් කරමු.
එවිට ඔබ අත ඉතිරි මුදල සෞඛ්‍යයට වියදම් කිරීම හේතුවෙන් ඔබට සිදුවන ගැහැට ගැන ඔබට එදිනට කනගාටු සිදුවනු ඇත.
මක්නිසාද යත් ඔබ එහි කොටස්කරුවකු බැවිනි.
රක්ෂණ මුදල් දීමට නොහැකි දුප්පතුන් මිය යනු ඇත.
එයට ඔබ කැමතිනම් වර්තමාන ක්‍රමය වෙනස් වෙනස් කිරීමට කටයුතු නොකරන්න.
ඔබ එයට අකමැති නම් ඔබේ සහ දරුවාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රටේ උගත් පිරිස වෙනුවෙන් පෙනී සිටින්න.
මක්නිසාද යත් ඔබ අසනීප වූ විට ළඟම සිටින ඥාතියා රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය වේ.
එහෙත් නුසුදුසු වෛද්‍යවරයකු අතින් සිදුවන බලපෑම මීට වඩා දරුණුය වැරදි බෙහෙත් නිසා ඔබ හෝ ඔබගේ ළඟම ඥාතියාට මිය යාමට සිදු වුවහොත් වග කියන්නේ කවුද?
හම්බන්තොට මහ රෝහලේ සිදු වූ සැත්කම් සියල්ල අද නැවතී ඇත එයට වගකිව යුත්තේ එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා ද එසේත් නැතහොත් ඔහුට රට එපා කරවීමට අධික බදු බර දැමීමට කටයුතු කළ පාලකයන්ද ඔබ ඔබෙන් ම ප්‍රශ්න කළ යුතුව ඇත.
අනාගතයේ ඔබේ ප්‍රදේශයේ රෝහලටත් එසේ සිදුවනු ඇත.
බාල බෙහෙත් මදිවට බාල දොස්තරලා සහ ප්‍රමිතියක් නැති සෞඛ්‍ය අතින් දුර්වල වූ රටක් නිර්මාණය කිරීමට එරෙහි වෙමු ද?
– මාධ්‍ය ප්‍රකාශක
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...