දේශීය පුවත්

පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ දී විසුරුවා හැරුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින්, මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ එරට ජනාධිපති අසීෆ් අලී මැදිහත් වීමෙනි.

මහ මැතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වීමට සූදානමක් පවතී. කෙසේ නමුත් පාකිස්තාන මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණය තවත් කල් යෑමට ඉඩ ඇති බවය.

පාකිස්තානයේ මේ වනවිට ආර්ථික අර්බුදයක් මෙන්ම දේශපාලන අර්බුදයක් ද නිර්මාණය වී තිබේ.

දේශපාලන විශ්ලේෂකයෝ පවසන්නේ දූෂණ චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 5 ක් දේශපාලනය තහනම් බැවින්, ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණය අහිමි වනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More