ව්‍යාපාරික පුවත්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් හඳුන්වා දී තිබේ.

දැනටමත් මෙම පලතුරු භෝගය අගුනකොළපැලැස්ස එරමිනියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

GAC Fruit වශයෙන් හඳුන්වන මෙම පලතුරු විශේෂය කැරට්වලට වඩා දශ ගුණයකින් කැරටිනොයිඩ්ස් හා විටමින් ඒ අඩංගු වන බව කෘෂි විශේෂඥයින් පවසයි.

ගැක් පෘට් ලෙස හඳුන්වන මෙම පලතුරු විශේෂය Sweet Gourd- Momordica Cochinchinensis නැමැති උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි.

මෙම පලතුරු විශේෂයේ ඇති සුවිශේෂත්වය වන්නේ ළපටි ඵල එලවළුවක් වශයෙනුත්, ඉදුනු ඵල පලතුරක් වශයෙන්ද, මෙම පලතුරෙහි පත්‍ර කොළ එලවලුවක් ලෙසත් භාවිතා කළ හැකිවීමයි.

එමෙන්ම මෙම පලතුර භාවිතා කරමින් විවිධ ආහාර හා පානවර්ග සකස් කර ගත හැකිවේ.

විශේෂයෙන් Dry Arill, තෙල්, පලතුරු යුෂ, ජෑම් හා විටමින් සහිත කැප්සුල් වශයෙන් ද සකස් කර භාවිතා කළ හැකිය.

ගැක් පලතුරෙහි ඇති වැදගත්කම අතර කැරටිනොයිඩ්ස් වැඩිම ප්‍රතිශතයක් අන්තර්ගතවීම මෙන්ම, ප්‍රෝ විටමින් ඒ,බීටා කැරටින්, ලයිකොපේන් වැනි මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් මෙම පලතුරෙහි අන්තර්ගත වෙයි.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුනකොළපැලැස්ස එරමිනියාය කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවැති වැඩසටහන් කිහිපයකට සහභාගි වු අතර එහිදී මෙම පලතුර වගා කර ඇති ආකාරය නිරීක්ෂණය කළේය.

ශ්‍රී ලංකාවේ ගොවීන්ට අමතර ඉහළ ආදායමක් ලබා ගත හැකි මෙම පලතුර සෑම ගෙවත්තකම වගා කළ හැකි වැල් වශයෙන් වැවෙන දැකුම්කලු භෝගයකි.

අප රටේ පහසුවෙන් වගා කළ හැකි ආර්ථිකමය වශයෙන් වටිනාකමකින් යුත් හා ගෙවතු අලංකාර කර ගත හැකි මෙන්ම පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට හේතුවන මෙවැනි බෝග වර්ග ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නැයි අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More