දේශීය පුවත්

විනය සහ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීම හේතුවෙන් චීනයේ බලශක්ති ආයෝජන සංස්ථාවේ (China Energy) හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලී ඩොන්ග්, චීන කොමියුනිස්ට් පක්ෂයෙන් (CPC) නෙරපා හැර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

රටේ ඉහළම අල්ලස් විරෝධී ආයතනය ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර, නීතියට පටහැනිව මුදල් හා තෑගි ලබාගැනීමෙන් පක්ෂයේ සහ රජයේ නියෝගය නොසලකා හැර තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.

නිශ්චිත ලැයිස්තුගත නොවන සමාගම්වල කොටස් තබාගැනීම, අවශ්‍යතාවලට අනුකූලව ඔහුගේ පුද්ගලික තොරතුරු වාර්තා කිරීම නොසලකා හැරීම සහ ඔහුගේ පුද්ගලික ලාභය සඳහා රැකියා උසස්වීම්වලට මැදිහත් වීමෙන් අදාළ රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් ලී ඩොන්ග්ට චෝදනා එල්ල වී තිබේ.

ඔහු තම තනතුරු, තම වාණිජ ව්‍යාපාර ඉදිරියට ගෙනයාමට යොදා ගෙන ඇතැයිද සහ විශාල මුදලක් සහ දේපළ නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More