මුහුණු පොතෙන්

කුණු ධමිමික උපාලි ලා ලගින්වත් තැබිය නොහැක . උපාලි විජේවර්ධන කියන්නේ ලංකාවේ හිටපු හොඳ දේශීය ව්‍යාපාරිකයෙක් වගේම හොඳ ව්‍යවසායකයෙක්. ජොබ් එකක් කරනවට වඩා ජොබ් එකක් දෙන එක ඉතා අමාරු කාර්යක්. ඒ වගේම ව්‍යවසායකයත්වය අතින් ගත්තොත් ලංකාව තියෙන්නේ අප්රිකානු මහද්වීපයේ ආන්ත දුප්පත් කියන රටවල් වලටත් පල්ලෙහයින්. ධම්මික පෙරේර ල ඉෂාර නානායක්කාර ල, අශෝක පතිරගේ ල ගැන අහලවත් නැති කාලෙක මේ උපාලි විජේවර්ධන තමයි ලංකාවේ පළවෙනි මල්ටිනැෂනල් බිස්නස් සමුහයක්‌ වන උපාලි ගෘප් එක නිර්මාණය කරලා, ඒක ලංකාවේ විතරක් නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍ය සිංගප්පූරුව වගේ රටවල් ගණනාවක ව්‍යාප්ත කරන්නේ.

අද මේ කවුද මේ අපි පුංචි කාලේ රස කර කර කාපු සහ දැනුත් කන්න ආස කැන්ඩොස් චොකලට් එකකට මොකද්ද ඇඟිලි කෑල්ලක් දාගෙන කරන්න යන දේ ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

කාලයක් හයිලන්ඩ් කිරිපිටි කඩවල් වලින් හොයාගන්න බැරි හේතුව හොයාගෙන ගියාම වෙලා තිබුනේ එක කිරිපිටි ආනයනය කරන multi-national කම්පැනියක් ඒ දාපු හයිලන්ඩ් කිරිපිටි ඔක්කොම වැඩි ගානක් දීලා ඒ කඩවල් වලින් එකතු කරගෙන ගිහින් නිසා. මොකද එතකොට ඒක ගන්න පාරිභෝගිකයෝ ස්වයංක්‍රීයවම අනිකුත් කිරිපිටි ඒ කියන්නේ ආනයනික කිරිපිටි ජාති වලට හැරෙනවා මොකද තමන් බොන හයිලන්ඩ් කිරිපිටි වෙළඳපොලේ හොයාගන්න බැරි උනහම.

දැන් මේ කැන්ඩොස් වලටත් කරන්න හදන්නේ කැන්ඩොස් brand name එක සිංහලෙන් කිව්වොත් කැන්ඩොස් සන්නාමය බාල්දු කරලා ඒකට තියෙන ජනතා කැමැත්ත නැති කරලා මෙන්න මේ දේශීය ව්‍යාපාරය පොළවට පස් කරල දාන්න. මෙන්න මේ වගේ නිව්ස් එකක් ආවහම අපේ ඉන්න අතිපණ්ඩිත මහා මොල මුත්තලා ඈස් යුශුවල් ඕක කරේ තියන් සෝෂල් මීඩියා ගිනිති ය තිය හානවා. එහෙම කරහම දේශීය ව්‍යවසායකයින්ට හම්බු වෙන සහය එක්සලන්ට්. මේ මහා මොල මුත්තලා ගේ කටේම තියෙන්නේ ඇයි ලංකාවෙන් සුක්‍ර්බර්ග් ල, මුස්ක් ල හැදෙන්න නැත්තේ කියලා හැබැයි දේශීය ව්‍යාපාර වලට කරොත් කරන්නෙ මේ වගේ දහදුරා වැඩ.

හැබැයි අමතක කරන්න හොඳ නැහැ කැන්ඩොස් කොම්පැණිය වැහිල ගියොත් ඒකෙන් අනාත වෙන්නේ ඉන්දියාවේ වත් අනෙකුත් රටවල් වල ඉන්න වැඩ කරන ප්‍රජාව නෙමෙයි, මේ කැන්ඩොස් කොම්පැනියෙන් දිවි සවිකරගන්න මිනිස්සු වගේම ඒ මිනිස්සුන්ගෙ පවුල් වල උදවිය. ඒක හින්දා මේ වගේ රැවටීම් වලට අහු නොවෙන්න වග බලා ගන්න එක කාගෙ කාගෙත් යුතුකමක්‌.

අනික අද හවස ගෙදර යනකොට ළමයින්ට කැන්ඩොස් චොකලට් අරගෙන යන්න ඕන. වෙනදනම් එකයි ගෙනියන්නේ. අද නන් දෙකක්ම ගෙනියනවා.

– පුලස්ති ගුණසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More