දේශීය පුවත්

ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ඛාන්ට සක්‍රීය දේශපාලනයේ නිරත වීම ද වසර 05කට අත්හිටුවා ඇති බවත් වාර්තා වෙයි.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්‍යාග නීති විරෝධීව අලෙවි කළ බව කියන චෝදනාවකට අදාළව මෙම දඩුවම නියම වී ඇති අතර, ඔහු එම චෝදනා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇති බවත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More