දේශීය පුවත්

වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ස්මා(ර්)ට් ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා ස්ථාපනය කර ඇති එරට ආයතනය පවසන්නේ, ළමුන් සඳහා එම දුරකථන භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකක් ලෙස සීමා කළ යුතු බවය.

ඒ හේතුවෙන් එරට අදාළ සමාගම්වල කොටස් මිල ශීඝ්‍ර ලෙස අද දිනයේ පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

සයිබර් අවකාශය නියාමනය සඳහා එරට අධිකාරිත්වය හිමි ‘Cyberspace Administration of China’ පවසන්නේ, ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ‘minor mode’ යනුවෙන් මෙවලමක් හඳුන්වා දෙන ලෙසටය.

එමගින් වයස අවුරුදු 18ට අඩු අයට ජංගම දුරකථනය යොදාගෙන රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා කාලය තුළ අන්තර්ජාලයට පිවිසීම වළක්වයි.

නව නිර්දේශ අනුව අවුරුදු 16ත් 18ත් අතර වයස් කාණ්ඩය සඳහා දිනකට පැය 2ක් අවුරුදු 8ත් 16ත් වයස් කාණ්ඩය සඳහා දිනකට පැයක් සහ වයස අවුරුදු 8ට අඩු ළමුන් සඳහා දිනකට මිනිත්තු 8ක් වශයෙන් ජංගම දුරකථන භාවිතයට ඉඩ ලබාදීමට නියමිත බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More