දේශීය පුවත්

සති අන්තයේ එල්ලවූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව නැවැත වතාවක් යුක්‍රේන ඩ්‍රෝන යානා රුසියානු අගනුවර වන මොස්කව්හි පිහිටි මූල්‍ය හා ව්‍යාපාරික මූලස්ථානය වෙත නැවත වරක් ප්‍රහාරයක් එල්ල කළ බව නගරාධිපති සර්ජි සොබියානින් අද(01) උදෑසන තහවුරු කළේය.

එක් ඩ්‍රෝන යානයක් ගුවන් ආරක්ෂක වළල්ල විනිවිද යාමට සමත් වූ අතර යුරෝපයේ උසම ගොඩනැගිලි පිහිටා ඇති මොස්කව් නගරයේ උස්වගොඩනැගිලි වලින් එකකට පහර දීමට සමත් වූ බව සොබියානින් අද (01) එරට වේලාවෙන් පෙරවරු 3:40 ට පමණ ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

“මොස්කව් වෙත පියාසර කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා කිහිපයක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙළනු ලැබුවා. එහෙත් ඉන් එකක් අවසන් මොහොතේදී නගරයේ පිහිටි උසම කුළුණට වැදුණා, ”නගරාධිපතිවරයා සිය ටෙලිග්‍රෑම් පණිවිඩය මගින් කියා සිටියේය. 21 වන මහලේ පිහිටි කාර්යාලයේ මුහුණතට හානි සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සිය පණිවිඩය මගින් පැවසීය.

එම ස්ථානයේ ඇති ඡායාරූප සහ වීඩියෝවලට අනුව, ඩ්‍රෝන යානය වෙළඳ, ආර්ථික සහ විදුලි සංදේශ අමාත්‍යාංශ ඇතුළු රුසියානු රජයේ ආයතන කිහිපයක කාර්යාල අඩංගු ‘IQ Quarter’ සංකීර්ණයේ තට්ටු 50 ක් උස ගොඩනැගිල්ලට පහර දී ඇත.

ජීවිත හානි හෝ තුවාල පිළිබඳ ක්ෂණිකව වාර්තා වී නොමැති, නමුත් නගරාධිපතිට අනුව “හදිසි සේවා එම ස්ථානයේ ක්‍රියාත්මක වේ.

https://t.me/zvezdanews/125899

නිරිතදිග මොස්කව් ප්‍රහේශයේ පිහිටි Vnukovo ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් පූර්වාරක්ෂාව පතා ක්ෂනිකව අත්හිටුවීමට කටයුතු කළේය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වැටලීම සඳහා ඩ්‍රෝන යානා තුනක් සම්බන්ධ වී ඇති බවයි. ඉන් දෙකක් මොස්කව් නගරයෙන් පිටත ගුවනේදී විනාශ කිරීමට රුසියානු හමුදා සමත්වූ අතර තුන්වැන්න ඉලෙක්ට්‍රොනික යුධ පද්ධති මගින් අවහිර කරනු ලැබූ හෙයින්, ඉලක්කයෙන් ඉවතට පැන “මොස්කව් නගරයේ නේවාසික නොවන ගොඩනැගිලි සංකීර්ණයකට” කඩා වැටුණි.

ඊයේ (31) කියෙව් හමුදා මොස්කව් නගරයට පහර දීමට පළමුව උත්සාහ කරණු ලැබීය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, පැමිණෙන සියලුම ඩ්‍රෝන යානා ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් වෙඩි තබා  මර්දනය කරන ලද නමුත් ඒවායේ සුන්බුන් උස් ගොඩනැගිලි දෙකක වීදුරු මුහුණතට හානි කළේය. ප්‍රහාරය හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා ඇත.

ක්‍රෙම්ලින පාලනයේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් අද(01) කියා සිටියේ යුක්‍රේනය මොස්කව් සහ රුසියාවේ අනෙකුත් සිවිල් ඉලක්ක වෙත “ත්‍රස්තවාදී ප්‍රහාර” දියත් කරන්නේ යුධ පිටියේ තම අසාර්ථකත්වය හේතුව නිසා බවයි. මොස්කව් වෙත ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීම “එම අසාර්ථකත්වයන්ගේ පසුබිමට එරෙහිව යම් ආකාරයක මංමුලා සහගත ක්‍රියාවක්. ඇත්ත වශයෙන්ම, කියෙව් එවැනි ත්‍රස්තවාදී උපක්‍රම භාවිතා කරනවා, ”පෙස්කොව් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More