පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් හා පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම් තුන හෙට(02) දින නැවත අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනේ.
පුරාවිද්‍යා ආඥාපනත මගින් විෂයභාර අමාත්‍යවරයා හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට පිළිවෙළින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට ඇති බලතල ක්‍රියාත්මක නොකොට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත නිකුත් කර ඇති 2023 ජනවාරි 11 වන දින ලිපිය හා එහි අන්තර්ගතය අභියෝගයට ලක්කරමින් රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව (CA WRIT 86/23) නැවත 2023 අගෝස්තු 02 දින විභාගයට ගැනීමට නියමිතය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා ද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක, විෂයභාර අමාත්‍ය ලේකම් සෝමරත්න විදානපතිරණ, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් ද, වත්මන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කොට ඇත.
මෙම නඩුවේ පෙත්සම්කරුවන් වනුයේ කණුපැලැල්ලේ අනුරුද්ධ හිමි, ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල හේමචන්ද්‍ර ද සිල්වා, විශ්‍රාමික නාවුක කොමදෝරු ඉසිර කාසිවත්ත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න, පුරාවිද්‍යා උපදේශන සභාවේ හිටපු සාමාජික ග්‍රන්ථ කර්තෘ, මාධ්‍යෙව්දී මතුගම සෙනවිරුවන්, ජාතික පුනරුදය සංසදයේ ඒ.ඒ. ආරියදාස, ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක, යන මහත්වරුන් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...