ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ කටයුතු කළ යුතු ආකාරය ගැන එම නිලධාරීන් විශේෂයෙන් අධ්‍යයනය කරනු ඇති බවත් එම කාරණය පිළිබඳව තමා අද (2) පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය මෙසේ විකෘති කර ගායනා කළ බවට මේවන විට බොහෝ පාර්ශ්ව වලින් එල්ල වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...