දේශීය පුවත්

ඉංග්‍රීසි භාෂාවේ ‘X’ අකුරට අමුතුම උමතු ප්‍රේමයක් ඇති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලොන් මස්ක්, සුප්‍රසිද්ධ Twitter සන්නාමය ‘X’ ලෙස එක රැයකින් වෙනස් කළේය. බොහෝ ව්‍යාපාර අධ්‍යන විෂේශඥයන්ට අනුව , මෙම සිද්ධිය ඉතා ජනප්‍රිය වෙළඳ නාමයක් බිඳ වැටෙන ආකාරය පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් බවට පත් වනු ඇත.

නමුත් මස්ක්ගේ ක්‍රියාව පිටුපස තර්කයක් ඇති අතර, ඔහු ‘ට්විටර්’ සමාජ ජාලය අත්පත් කර ගැනීමේ ආරම්භයේ සිටම ඔහුගේ අභිප්‍රාය ඉදිරිපත් කරමින් සිටියේය. උදාහරණයක් ලෙස, Fortune සඟරාව 2022 ඔක්තෝම්බර් මස ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කළේ, මස්ක්ට “X’ අක්ෂරය පිළිබඳව දැඩි ආශාවක් ඇති බවයි.ඔහුගේ පුත් ග්‍රීම්ස් මෙම අන්වර්ථ නාමයෙන් හඳුන්වන බවත්, ඔහුගේ රොකට් සමාගම SpaceX ලෙසත්, ඔහු ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමට භාවිතා කළ සමාගම X Holdings බවත් එම ලිපිය මගින් අනාවරණය කළේය. වෙබ් අඩවියේ සඳහන් කර ඇති පරිදි,ඔහුගේ සැලැස්ම Twitter X ලෙස නැවත නාමකරණය කර චීනයේ WeChat තුළ ඇති සෑම යෙදුවුමකට සමාන යෙදවුමක්ම එයට එකතු කිරීමට අරමුණු කරගෙන ඇත.

නමුත් ඔහුගේ අරමුණ සාර්ථක නොවීමට හේතු ගණනාවක් මුල් වී තිබේ. ඉන් එකක් නම්, චීනයේ අන්තර්ජාල පරිශීලකයන් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිටින අන්තර්ජාල පරිශීලකයන්ට වඩා වෙනස් පරිභෝජන විලාසයක් අනුගමනය කිරීමයි. මීට දශක කිහිපයකට පෙර චීනය අන්ත දුප්පත් රටක් වූ අතර බොහෝ මිනිසුන්ට අන්තර්ජාලයට ප්‍රවේශ වීමට හැකියාවක් නොතිබුණි.මේ අතර චීනයේ බොහෝ ජනයා සෘජුවම ජංගම දුරකථන පරිශීලනයට අවතීර්ණ වූ අතර කිසි විටෙකත් “ඩෙස්ක්ටොප්” පරිගණක භාවිතයට පෙලඹුනේ නැත. එබැවින්, කෙටියෙන් පවසන්නේ නම් සමස්ත චීන අන්තර්ජාල පරිසරයම ජංගම දුරකථනයට මිත්‍රශීලී වන අතර, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල, විශේෂයෙන් බටහිර රටවල, බොහෝ මිනිසුන් “ඩෙස්ක්ටොප්” සහ “ලැප්ටොප්” භාවිතයට යොමු වී තිබේ.

එලෙසම සමස්ත ලෝකය, විශේෂයෙන් බටහිරයන් සහ ඇමරිකානුවන් සියල්ලන්ම පාලනය කිරීමට එක් යෙදුවුමක් පිළිගනීද යන ප්‍රශ්නය ද මතු වී තිබේ. ත්වද Meta, Twitter සහ Alphabet  වැනි සමාගම් වල දත්ත සහ එක්සත් ජනපද ෆෙඩරල් ආණ්ඩුව සමග තිබෙන හවුල්කාරිත්වය සම්බන්ධයෙන් මහජන අපකීර්තිය තවදුරටත් පවතින බැවින් “Big Tech” සම්බන්ධයෙන් වන මහජන අවිශ්වාසය සර්වකාලීනව ඉහළ මට්ටමක පවතී.ඒ අනුව දෙවියන් වහන්සේ පමණක් දන්නා, සමාජ ජාලා යෙදවුම් භාවිතා කරමින්, මහජනයාගේ සියලු දත්තවලට ‘තට්ටු’ කරන එක් ඒකීය යෙදුමක් මිනිසුන් කවදා හෝ පිළිගනු ඇත්ද යන්න සැක සහිතය.සහතිකයක් ඇතත් නැතත් බටහිර රටවල එවැනි අනුකූලතාවයක් පිළිගන්නා සංස්කෘතියක් තවමත් ගොඩ නැගී නොමැත.

නැඟෙනහිර අනුකරණය කිරීමේ අදහස ඇති එකම ඇමරිකානු තාක්ෂණික සමාගමද මස්ක් සතු සමාගම පමණක් නොවේ. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් වැනි ජනප්‍රිය යෙදවුම් ඇති “කඩදාසි සමාගමක් ” වන මෙටා සමාගම ඔවුන්ගේ යෙදවුම් වන Facebook ,Instagram සහ Whatsapp වැනි යෙදවුම් වලට වසර ගණනාවක් තිස්සේ චීන යෙදවුම් වල ඇති විශේෂාංග පිටපත් කරගනීමට කටයුතු කර ඇත. වෙළඳපලවල් චීන තරඟකරුවන්ගෙන් සෘජුවම ඉවත් කරන ලද අතර, ඔවුන්ගේ වඩාත්ම සෘජු චීන තරඟකරු වන TikTok වෙතින් කෙටි වීඩියෝ විශේෂාංගය අනුකරණය කරන ලද්දේය. Google හි මව් සමාගම වන Alphabet සතු YouTube, TikTok ප්‍රමුඛත්වයට පත්වීමෙන් පසුව ‍YouTube හි ජන ප්‍රියත්වය අඩුවීම නැවත සකසා ගැනීමට එහි ඇල්ගොරිතම වැඩිදියුණු කිරීමෙන් පසුව කෙටි වීඩියෝ කලාපයට ජනප්‍රිය කරවීමට උත්සහා කළේය. බුද්ධිමය දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් චීනයට සැමවිටම චෝදනා එල්ලවන නමුදු එක්සත් ජනපද තාක්‍ෂණ ප්‍රධාන විධායක නිලධාරීන් අවස්ථාවාදී වාසි තකා මෙම ආඛ්‍යානයට සහාය දෙමින් සිටී. කෙසේ වුවද එක්සත් ජනපද සමාගම් බුද්ධිමය දේපල සොරකම් කිරීම විවෘතව කිරීම උත්ප්‍රාසයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය.

මස්ක්ගේ නැවත සන්නාමකරණය පිළිබඳ ක්ෂණික ප්‍රායෝගික උත්සුකයන් ද ඇති බව අධ්‍යනයේදී වැටහේ. සමාගමේ පාලනය භාර ගැනීමෙන් පසු ඔහු පැවසුවේ නුදුරු අනාගතයේ දී එය බංකොලොත් වීමට ඉඩ ඇති බවයි. ඔහු මසකට ඩොලර් 8ක් ගෙවීමට කැමති අය සඳහා සත්‍යාපන සේවාවක් වන Twitter Blue ක්‍රියාත්මක කළ අතර සාමාන්‍ය පරිශීලකයින් විසින් පරිශීලනය කරන සෘජු පණිවිඩ සහ “ට්වීට්” ප්‍රමාණය සීමා කිරීම දක්වා සීමාවන් පුළුල් කළේය. ඔහුගේ තීරණයට හොඳ තර්කයක් තිබුණි. එනම් අත්‍යවශ්‍ය සේවා සඳහා පරිශීලකයින්ගෙන් අය කිරීම යන පදනම යන තර්කයයි. එලෙසම බොහෝ පරිශීලකයන් (මෙම ලියුම්කරුද ඇතුළුව) එයට අත්සන් තබා ඇත. නමුත් මස්ක්, ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් පසු සමාගමට එහි දැන්වීම් ආදායමෙන් අඩක්ම අහිමි විය. ඒ අනුව මෙවැනි අවිනිශ්චිතභාවයක් මැද වෙළෙඳ නාම වෙනස් කිරීම හොඳ අදහසක් දැයි ගැඹුරින් කල්පනා කළ යුතුය.

මගේ මතය අනුව,පැහැදිලි පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි. ජනයා ට්විටර් සම්බන්ධයෙන් දැනුවත් අතරම එම වෙළඳ නාමය කෙරෙහි විශ්වාසයක් පවතියි. නමුත් ඔවුන් X පිළිබඳව නොදනී. ඔවුන් තවමත් එය භාවිතා කරනු ඇතිද? Meta හි සෘජු Twitter තරඟකරු වන Threads හි සමාරම්භක ප්‍රචාරණය කිසියම් ඇඟවීමක් කරන්නේ  නම්, ඔව්, ඔවුන් එම ඇඟවුමෙන් ඉදිරිපත් කරන දෙය නිසැකවම කරනු ඇත. නමුත් සන්නාමය නැවත වෙනස් කිරීම මගින් ඝර්ෂණයක් එකතු කරන අතර දැනටමත් හොඳින් ස්ථාපිත යෙදවුමක දෘශ්‍යතාව අඩු කිරීමට හේතු වේ. “ට්විටර්” බොහෝ ජනයා අතර මුල් බැස ඇති ආකාරය පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට නම්, ලෝකයේ බොහෝ භාෂාවල ශබ්ද කෝෂයේ ‘ටවීට් කරන්න’ යන ක්‍රියා පදය එකතුකර තිබීමෙන්ම වටහා ගත හැක. කෙසේ වුවද දැන් අපට හඳුනා ගත නොහැකි සහ උච්චාරණය කළ නොහැකි ‘to xeet’ යන යෙදුම හඳුන්වා දී ඇත.

මස්ක්ගේ නිර්වචනය තුළ ගැබ්වී ඇති එක් ලක්‍ෂණයක් නම්, X සඳහා ඔහුගේ නැඹුරුව පසෙක තබා, මනුෂ්‍යත්වය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන දක්ෂයෙකු ලෙස ඔහු ස්වයං-සන්නාමකරණය කිරීමයි. යථාර්ථය නම්, ලාස් වේගාස් හි මගී මෝටර් රථ උමං මාර්ගයක් වන වේගාස් ලූප් වැනි ඔහුගේ බොහෝ ව්‍යාපෘති පොදු ප්‍රවාහනය භාවිතා කිරීම වෙනුවට තදබදය අඩු කිරීමට අදහස් කරන අතර ඒවා “ඉතාමත් මෝඩ” යෝජනාවන්ය.
ඔහු විදුලි මෝටර් රථ නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම ආරම්භ කළා වැනි ඔහුගේ අනුගාමිකයන්ගේ පොදු ආඛ්‍යානය ශක්තිමත් කිරීම සඳහා ඔහු විසින් සංසරණය කරන බොහෝ වැරදි මත තිබේ. ඔහු ටෙස්ලා සමාගම නිර්මාණය කළේ නැත. ඔහු එය මිලදී ගත් අතර පසුව ඔහුව “ආරම්භකයා” ලෙස නාමකරණය කළ අතර, එය ඉංග්‍රීසි භාෂාවෙන් ආරම්භකයෙකු ලෙස නිර්වචනය කරන්නේ කුමක් දැයි ඇත්ත වශයෙන්ම නොතිබුණද මාතෘකාවක් ඉහලින් තබා ගැනීමට ඔහුට ඉඩ සලසන නීතිමය සටනකට තුඩු දුන්නේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් San Francisco Bay ප්‍රදේශයේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාවක් ද ඔහු 1990 ගණන්වල මස්ක්ගේ  X.com සමඟින් මතු වූ ආරම්භයක් වන Confinity හි ප්‍රධාන නිෂ්පාදනය වූ PayPal සමඟද එකම අයුරින් පටලවාගත් ආකාරය විස්තර කරයි. සරලවම සමාගමක මුල් ආයෝජකයෙකු වීම ආරම්භකයකු ලෙස නිර්වචනය කරන්නේ නම්, විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයාට ආධාර කරන විශාල ෆෙඩරල් ගිවිසුම් නිසා එක්සත් ජනපද බදු ගෙවන සෑම පුද්ගලයෙකුම ටෙස්ලා නිර්මාතෘවරයෙකු ලෙස සැලකිය හැකිය.

මස්ක් තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා මෙම සමාගම් කිහිපයක ආරම්භකයකු වීමේ කීර්තිය ලබා ගැනීමට උර දුන්නේය. එය තමන් නිර්මාතෘවරයෙකු ලෙස හැඳින්වීමට තාක්ෂණික සහෝදර පරිසරය තුළ බරපතල බලපෑමක් ලබා දෙයි. එබැවින් එම හැසිරීම, ඉතිහාසගත කිසියම් මාර්ගෝපදේශ සැලැස්මක් බව පෙනී යයි.එලොන් මස්ක් ගේ Twitter නැවත නාමකරණය සහ නව විශේෂාංග හඳුන්වාදීම සැලසුම් කර ඇත්තේ ඔහුව සමාගමේ නිර්මාතෘවරයා ලෙස ලේබල් කළ හැකි පරිදි ය. එය කිසියම් මහා ආයතනික උපාය මාර්ගයක් හෝ බලය යෙදවීමේ උපාංගය බවට පත්වීමේ බරපතල උත්සාහයක් නොව ඔහුට අවශ්‍ය වන්නේ ජැක් ඩෝර්සිගේ නිෂ්පාදනය සඳහා ගෞරවය ලබා ගැනීමට චීන “අන්තර්ජාල මූලපත්‍ර ලිපිනයන් (IP address )” අමු අමුවේ ඉරා දැමීමයි.

—————————————————————————————————————————

Bradley Blankenship විසින් රචිත Why Elon Musk rebranded Twitter to X ලිපියේ පරිවර්තනයයි.  Bradley Blankenship යනු ඇමරිකානු මාධ්‍යවේදියෙකු, තීරු ලිපි රචකයෙකු සහ දේශපාලන විචාරකයෙකු ලෙස නමක් දිනා ගත් අයෙකි. ඔහු CGTN හි තීරු ලිපි රචකයෙක් ලෙස කටයුතු කරන අතර Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සි සඳහා නිදහස් වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරයි.
පරිවර්තනය ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More