බ්‍රිතාන්‍ය පාලන කාලයේ ජාතික ගීය වූයේ ද ,1948 දක්වා ගුවන් විදුලියේ වාදනය වූයේද බ්‍රිතාන්‍ය ජාතික ගීතයයි.
දැන් පවතින ජාතික ගීය 1951දී නිල වශයෙන් පිලිගත්තත් ,විවිධ විවේචන, නිර්වචන පදවෙනස්වීම් වලට බඳුන් වෙමින් මේ දක්වා පැමින ඇත.
1937 වන විට අපට අනන්‍යවු ජාතික ගීතයක අවශ්‍යතාව විද්වතුන්ගේ අවධානයට යොමුවී තිබුනි.
1947 ආචාර්ය C.W.W. කන්නන්ගර නිර්මානය කළ ” සිරිලක මාතා නමදිමු සැමදා ” ගීතයෙන් මුල් පියවර ආරම්භ විය.
ඉන් පසු සුදුසු ගීතයක් ඉදිරිපත් කිරීමට තරඟයක් ද ත්‍යාග මුදලක්ද යෝජනා විය. 1947/1/31 පැවැත්වු තරඟයට ආනන්ද සමරකෝන් මයා ගේ ගීය ඉදිරිපත් කළේ බිරිඳ කැරලයින් සිල්වා මහත්මියයි. මෙහිදි ඉලංගසිංහ මහතාගේ ” ශ්‍රී ලංකා මාතා යස මහිමා ” ගීතය තෝරාගෙන ප්‍රථම නිදහස් උලෙළේ දී ගායනා කළේය. මෙම ගීය තෝරාගැනීමේ විනිශ්චය මණ්ඩලයේ එහි සංගීතය සැපයු ලයනල් එදිරිසිංහ ද සිටීම නිසා පැමිනි විරෝධතා හේතුවෙන් 1949 නිදහස් උත්සවයේදී ආනන්ද සමරකෝන් මහතාගේ ” නමෝ නමෝ මාතා ” ගීය භාවිතා කළේය.
1950 දී J.R. ජයවර්ධන ඉදිරිපත් කල කැබිනට් යෝජනාවකින් මෙය නිල ” ජාතික ගීතය ” ලෙස 1951/ 11/ 22 සම්මත විය. එවකට ආනන්ද සමරකෝන් මයා ගාල්ල මහින්ද විද්‍යාලයේ සේවය කරමින් සිටියදී මෙහි තනුව නැවතත් 1953 දී සංශෝධනය කළේය. තරඟයට නියමිත ත්‍යාග මුදල ඔහුට නොලැබුණු වගක්ද සදහන් වේ.
එදා පටන් අද දක්වා මෙම ගීතයට විවිධ කෙනෙහෙලිකම්, විරෝධතා , පමනක් නොව ජාතියේ වස් කවිය ලෙසද හැදින්වීය.
මීට බලපෑ ප්‍රධාන කරුණු වූයේ.
1. “න” අපාය අක්ශරයක් සේ හැඳින්වීම.
2. ගණ ය අනිශ්ට ගනයක් වීම.
3. “නමෝ නමෝ” යන්නෙන් භක්ති රසයක් ජනනය වීම.
4. D.S. සේනානායකයන් ගේ අකල් මරනය හා කොතලාවල ගේ ආන්ඩුව බිඳවැටීම.
ආදී කරුනු මුල්කරගනිමින් මෙය ජාතියේ සාපයක් ලෙසද හැදින්වීය . මේ අනුව අධ්‍යාපන ඇමති දහනායක හා මකුලුඔලුව මහතා එක්වී ආ.සමරකෝන් මහතාගේ අනුමැතියෙන් තොරව ” ශ්‍රී ලංකා දිනේ දිනේ මාතා ” ලෙස මුල් පද වෙනස් කළේය.
1960 වන විට තව තවත් විරෝධතා මතුවීමත් සමග 1961 මහනුවර නිදහස් උත්සවයේදී අනුවාදනය පමනක් වාදනය වුනි.
1961 දී ” ශ්‍රී ලංකා මාතා ” ලෙස සංශෝධනය විය.
එහෙත් ඉන් නොනැවතී තවදුරටත් විරෝධතා ඇති විය.මෙය නැලවිලි ගීයක්ය, හින්දි අනුකරනයක්, යටහත් ඉල්ලීමක් වැනි විකාර චෝදනාද, රටට අයහපත් දේ (බන්ඩාරනායක ඝාතනය , ආන්ඩු බිඳවැටීම්, වැඩවර්ජන) සිදුවන්නේ මේනිසා බවට විවිධ විද්වත් අංශ වලින්, ප්‍රබුද්ධ ගායකයන්ගෙන් චෝදනා එල්ලවිය.
මේ සියලු දෙයින් ආනන්ද සමරකෝන් මහතා දැඩි කළකිරීමකට පත්වී සිටියා පමනක් නොව පුද්ගලික ජීවිතයද අවුල් වී මානසික කඩා වැටීමකට පත් විය. ඔහු ජීවිතය ට සමුදීමට පෙර ඩඩ්ලි සේනානායක මහතාට ලිපියකින් දැනුම් දුන්නේ තම ගීතයට කළ අත්තනෝමතික වෙනස්කම් තම ජීවිතයටද බලපාන බවයි.
විවිධ අභියෝග මැද පැමිනි ජාතික ගීය 1978 ව්‍යවස්ථාවට අනුව නීතිමය තත්වක් හා අවශ්‍යතාවක් බවට පත්විය. ඒ අනුව එය වෙනස් කිරීම පාර්ලිමේන්තුවේ 2/3 ක චන්දයෙන් හා ජනමත විචාරනයකින් පමනක් වෙනස් කළ හැකි තත්වයකට පත්වඇත.
ජාතික ගීය අවභාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වූවත් එයට කෙනෙහෙලිකම් කිරීම තවමත් සිදුවෙමින් පවතී.
ඇතමුන් නොදැනුවත්කම නිසා හෝ දුශ්ට යටි අරමුනු සහිතව හෝ කරන්නේ නීති විරෝධී ක්‍රියාවක් බව දතයුතුය. රටේ සියළුම ප්‍රශ්න වලට හේතුව ජාතික ගීය ලෙසට බැරකර අත සෝදා ගැනීමට හෝ ඉන් එපිටට ගිය විශ්මිත තීරණය ගැනීමට හැකි අවදානමක් ද ඇති බව වටහා ගැනීම සුදුසුය.
නටාශාගේ සතියෙන් පසු ක්‍රිකට් නිලියන්ගේ සතියෙන් යශ්ටිය බාරගත්තේ උමාරාය. මේවා විවේචනය කරමින් මූලික ප්‍රශ්න අමතකකර සිටිනවාට වඩා බංකලොත් රට ගොඩ ගන්නා මගක් සෙවීම කාලීන අවශ්‍යතාවකි .
(පුවත්පත් හා අන්තර්ජාල මූලාශ්‍ර වලින් උපුටා ගන්නා ලදී)
– වෛද්‍ය ගාමිණී ජයවීර –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ආනන්ද සමරකෝන් මහතා අගමැති ඩඩ්ලි සෙනනායකට ලිපියකින් දන්වා සිටියේ ජාතික ගීය වෙනස් කිරීම තම ජීවිතයට ද බලපානා බවයි.ලිපියේ එසේ සදහන් වීම නිසා ඔහු දිවි නසාගත්තේ ජාතික ගීය වෙනස් කල නිසා බව ප්‍රච්ලිත විය.නමුත් ඔහු එවකට විශාල ලෙස ණය බරින් මිරිකී සිටි නිසා මහත් සේ කම්පාවට පත් වී සිටීම දිවි නසා ගැනීමට හේතු වූ බව සඳහන් වේ.සමහර විට පෙර කී කරූණ ද බලපාන්නට ඇති.ඩී.ඒස්.සේනානයකගේ මරණයට හේතු වූයේ හර්දයාබාදයෙකි.අසු පිටින් වැටී මිය ගියේ යැයි කීම සාවද්‍යය.