බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
රෝගී රැදවියන් වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ ඊයේ (31) සිට වසාදැමීම සඳහා පියවරගත් බවත්, වවුනියාව බන්ධනාගාරයේ රැදවියන්යන්ට සිය ඥාතීන් හමුවීමට සම්පූර්ණයෙන් නවතා දමා ඇති අතර රැදවියන් නඩු කටයුතු වෙනුවෙන් අධිකරණයන් වෙත රැගෙන යාමද තාවකාලිකව නවතා දමා ඇති බවත් වවුනියාව බන්ධනාගාර උසස් නිලධාරියකු සඳහන් කරයි.
සූම් තාක්ෂණය ඔස්සේ නඩු විභාගවලට සාක්ෂි ලබාදීම් ඇතුළු නඩුකටයුතු සිදුකරන අතර අනෙකුත් නඩු සඳහා වෙනත් දින ලබාගැනීම සිදුකරන බවත් අධිකරණයන් හි බන්ධනාගාරගතකරන පුද්ගලයින් අනුරාධපුර බන්ධනාගාරයට යැවීමට ක්‍රියාකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...