දේශීය පුවත්

ඉන්ධන මිල ඉහළට

August 1, 2023 6:24 am | Lanka Lead News

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල මෙන්ම, සුපිරි ඩීසල් මිලද ඉහළ දමා ඇති තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 348කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 375ක් වේ.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 358කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 306ක් ලෙසය.

භූමිතෙල් මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More