දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මෙන්ම දැඩි විවේචනයක් ද එල්ල වෙමින් පවතී.

ශ්‍රී ලංකා ජාතික ගීයේ අකුරක් හෝ කොමාවක් හෝ කිසි ලෙසකින් වෙනස් කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය ගැන සඳහන් වන්නේ “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේ ය” යනුවෙනි.

මේ සම්බන්ධව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි

“රටක අනන්‍යතාව මතු කරන ප්‍රධාන කාරණා 3ක් තිබෙනවා. එනම්, රටේ නම, ජාතික ගීය සහ ජාතික කොඩියයි.

ආනන්ද සමරකෝන් බොහොම අමාරුවෙන් මෙහි සංගීතය, පදරචනය කළේ. ඒ වගේම ඉන්දියාවේ මහා ගාන්ධර්ව රවීන්ද්‍රනාත් තාගෝර් මෙය පෝෂණය කර දුන්නා.

පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මෙය නීතියක් ලෙස ඇතුළත් කරනවා.

මෙය නීතියක් විතරක් නොවෙයි මූලික මිනිස් අයිතිවාසිකමක්.

එහි ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ශ්‍රී ලංකා ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා…” ලෙස. ජාතික ගීයේ පදමාලාව සහ සංගීතය තුන්වන උප ලේඛනයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා.

ඒ නිසා මෙහි අකුරක් හෝ වෙනස් කරනවා නම්, කොමාවක් හෝ වෙනස් කරනවා නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ 83 වන ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් තියන්න ඕනෑ. ඒක තමයි නීතිය.

ජාතික ගීය රැප් කරනවා නම් කරන්න ඕනේ 78 ව්‍යවස්ථාවට අනුවයි. තැන් තැන්වල ජාතික ගීය වෙනස් කර ගායනා කරනවා නම් එය රට හෑල්ලු කිරීමක්.”

මින් ගම්‍ය වන්නේ රටේ ජාතික ගීය කිසි ලෙසකින් හෝ වෙනස් කළ නොහැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More