වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට ගොදුරු වී ඇති බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද(31) පැවසීය.
සෞඛ්‍ය සේවය තිස් අවුරුදු යුද සමයේ ද මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බවත් , රජයේ රෝහල්වල ක්‍රියාපිළිවෙත පිළිබඳව මහජනතාව තුළ සැකයක් මතු වී විශ්වාසනීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව හා ඖෂධ හිගය නිසා රෝගී ජීවිත අවදානමකට ලක්වී ඇති බවත් ඒ මහතා පවසයි.
ජනතාවගේ මිනී උඩින් හෝ සාක්කු පුරවා ගැනීමේ ක්‍රියාවලියක් ඇත්තේ යැයි විගණනාධිපති වාර්තාවලින් මනාව හෙළි වන බව කී මහාචාර්යවරයා වෛද්‍යවරු රට හැර යෑම හේතුවෙන් රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බව ද සඳහන් කරයි.
එක තැන පල්වෙන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට සියලු දෙනා පෙළගැසිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...