දේශීය පුවත්

ඉන්දියාවේ සිට එළීමට නියමිත ඉන්ධන නල මාර්ගයට ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම් හසුවන බැවින් මෙරට පාර්ශ්වයෙන් සිදු කළ යුතු ශක්‍යතා අධ්‍යයන කටයුතු ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා භූමියේ වව්නියාව සිට ත්‍රිකුණාමලය දක්වාත් මන්නාරම දෙසින් කොළඹ දක්වාත් ඒම නල මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇත. එම කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඇතුළත් වන පරිදි නල මාර්ගය ඉදි කරනු ලැබේ. ඒ අනුව අදාළ ඉඩම් වල හිමිකරුවන් සමග එකගතාවයකට එළඹීමට යම් කාලයක් ගතවන බව පෙනී ගොස් තිබේ.

මෙම ගැටළුව කඩිනමින් විසඳා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්ටානම් ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වී දෙපසටම ඉන්ධන ප්‍රවාහනය කළ හැකි ආකාරයට මෙම නල පද්ධතිය එලීමට සැලසුම් කර තිබේ.

මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉන්දියාවේ ඉන්දියාවේ දි හා මෙරට දී හමුවූ ඉන්දීය තෙල් සමාගමේ නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ කඩිනමින් මෙම නල මාර්ගය ඉදි කිරීමට ඔවුන් සූදානම් බවයි. ඒ අනුව ඉන්දීය පාර්ශ්වයෙන් සිදුකරන සක්‍යතා අධ්‍යනය ලබන මාසයේදී ආරම්භ කරන බව ද ඉන්දීය සමාගම සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More