පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය සිංහල භාෂාවෙන්ද හැන්සාඩ් වාර්තාවන්ට ඇතුළත් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන්නැයි පක්ෂ විපක්ෂ සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව එම පනත අභියෝගයකට ලක්කරමින් ගොනු කළ පෙත්සම්කාර වෛද්‍යවරුන් දෙදෙනකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවඩුන මහතා පැවසීය.
පෙත්සම් විභාගය පසුගිය 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ලබන බදාදා හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් පෙන්වා දෙමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා එලෙස පැවසීය.
නීතිඥ අරුණ ලක්ෂිරි උණවටුන මහතා මෙසේද පැවසීය.
“මේ පනත් කෙටුම්පත ඉතා සුවිශේෂී පනත් කෙටුම්පතක්. එකේ නෛතිකභාවය පිළිබඳව එහෙත් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය දෙස මුළු රටේ ජනතාව බලාගෙන ඉන්නවා. රටේ බහුතර ජනතාවටත් වඩාත් හොඳින් තේරුම් ගත හැකි පරිදි සිංහල භාෂාවෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ප්‍රකාශයට පත්කිරීම ඉතා වැදගත්. රටේ ජනතාවගේ භාෂා පරමාධිපත්‍යයත් ආරක්ෂා කිරීම කථානායකවරයා වෙත පැවරී තිබෙන වගකීමක්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොවෙයි සිංහල හා ද්‍රවිඩ භාෂාවලිනුත් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම ඉතා වැදගත්. එම ඉල්ලීමට කථානායකවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි රටේ ජනතාව අපේක්ෂා කරනවා. “
ආයුර්වේද වෛද්‍යවරුන් වන කමල් බන්දුල වීරප්පෙරුම හා වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර වෙනුවෙන් නීතිඥ අරුණ ලක්සිරි උණවටුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...