දේශීය පුවත්

පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වසන උඩලවත්තේ රත්නප්‍රිය හිමියන් ගල් ලෙනක භාවනානුයෝගීව සිටියදී බෝට්ටුවලින් පැමිණි මැර පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (ජූලි 28) උන්වහන්සේට පහදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම පහදීම සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන අතර, පහර දීම් හේතුවෙන් තුවාල ලද රත්නප්‍රිය හිමියෝ මේ වනවිට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

ගල් ලෙනක භාවනා කරමින් සිටියදී සෙනසුරාදා සවස එම ස්ථානයට පැමිණි කණ්ඩායමක් තමන් වහන්සේට හබලකින් පහරදුන් බව උන්වහන්සේ පොලිසියට පවසා තිබේ.

ප්‍රහාරයෙන් ගැලවීම පිණිස කොහොඹ ගසක් යට සැඟව සිටියදී එම ස්ථානයට දිගාමඬුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුසාරෆ් සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රහීම් පැමිණි අතර තමන් වහන්සේට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඔවුන් දෙදෙනාට පැවසූ බවත් උන්වහන්සේ පොලිසියට පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More