පිරිපහදු කළ පොල්තෙල් බව පවසමින් ලංකාවට ආනයනය කරන පොල්තෙල්වල විෂ සහිත පිළිකාකාරක අඩංගු වන බවත්, මෙලෙස ආනයනය කරන පොල්තෙල් ගැන සොයා බැලීමට කිසිඳු වගකිවයුතු ආයතනයක් කටයුතු නොකරන බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත් වූ සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙරටට පොල්තෙල් ගෙන එන ආයතන 80ක් පමණ ඇති බවද, එයින් ප්‍රධාන සමාගම් 6ක් විසින් සිදුකරන කටයුතු අතිශය දූෂිත බව හා මෙම සමාගමෙන් එක් සමාගමක් වන්නේ ලංකාවේ ලොකුම සීනි සහ තෙල් බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සමාගමක් බවද ඒ මහතා හෙළිකරයි.
මෙම ආනයනික පොල්තෙල් පිරිපහදු කිරීමට යොදාගන්නේ කොස්ටික් සෝඩා, ක්විලිං, බීචිං පවුඩර්, ඇලුම් නමැති රසායන ද්‍රව්‍ය බවත්, මෙරට සුපිරි වෙළඳසල් තුළ ද විකිණීමට ඇත්තේ මෙම විෂ සහිත පොල්තෙල් බව ද ඔහු කරුණු අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...