දේශීය පුවත්

පාකිස්තානයේ කිබර් පක්ටුන්ක්වා පළාතේ බජෝර් දිස්ත්‍රික්කයේ ඊයේ(30) පැවති ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් දේශපාලන පක්ෂයේ සමුළුවක් අතරතුර සිදු වූ පිපිරීමකින් 44 දෙනෙකු මියගොස් තවත් 200 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.

එම පක්ෂයේ සාමාජිකයන් 400 දෙනකු පමණ පිපිරීම සිදු වූ අවස්ථාවේ සමුළුවට සහභාගී වෙමින් සිට ඇති බව පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කර ඇති අතර, පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූවන් ගුවන් මගීන් කිබර් පක්ටුන්ක්වා පළාතේ අග නගරය වූ පේෂාවර් හි රෝහල් වෙත රැගෙන ගිය බව පාකිස්තාන බලධාරීන් පවසා තිබේ.

පිපිරිම හේතුවෙන් ජමියාත් උලෙමා ඉස්ලාම් ෆාසල් පක්ෂයේ ප්‍රාදේශීය නායකයකු වූ මවුලානා සියවුල්ලා ද මිය ගිය බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පාකිස්තාන බලධාරීන් පවසා ඇත්තේ මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More