පුරවැසි කොලම

13 ට එරෙහිව එකතු වෙමු!

July 30, 2023 8:27 pm | Lanka Lead News

(මේ ලිපිය අවසානය දක්වා ඉවසීමෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි)

මේ කරුණු ලියන්නට හිතුනේ අපගේ සිවිල් සංවිධාන, පුද්ගලයන් හා රටට හිතැති දේශපාලනඥයන්ගේ යම් යම් ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කළ නිසාවෙනි.

ඔබ අප දන්නා පරිදි අද අපේ රට ආර්ථික අර්බුදයක ආගාධයේ සිටිමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලත්, ඉන්දියාව හා චීනයේ බලපෑමටත් මැදිව බොහෝ අනතුරුදායක ගමනක යෙදී සිටී. ඒ අතර නැවතත් 13 සංශෝධනය කරලියට පැමිණ ඇත. එය ක්‍රියාත්මක වුවහොත් ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට ඔබට අටුවා ටීකා අනවශ්‍ය යැයි සිතමි.

අප අතර සිටි බොහෝ දේශහිතෛෂීන් ඝෝඨාභය මැතිතුමන් ජනපති කර අපේක්ෂාභංගත්වයට පත් වූවෝ වෙති. අරගලයෙන් අපහාස උපහාස වින්දෝ වෙමු. කරුණු කෙසේ වුවද තව දුරටත් අපට නිද්‍රාශීලීව සිටීමට නොහැකි වී ඇත. කෙතරම් අපහාස උපහාස වින්දද, බඩ අමතක කොට රට වෙනුවෙන් හැමදා පෙරට ආවේ එම දේශහිතෛෂීන් මිස අන් කිසිවෙක් නෙවේ.

මේ අතිශය භයානක මොහොතේ 13 ට එරෙහිව සියළු සිවිල් සංවිධාන , වෘත්තිකයන්, වෘත්තිය සමිති ක්‍රියාධරයන්, රාජ්‍ය නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා,පොලිස්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, රටට හිතැති සියලු දේශපාලනඥයන් එකිනෙකා අතර වූ, සියලු සුළු සුළු වාද භේද හැරදා, ඒකාධිපතිත්වය,මමත්වය,ආත්මාර්ථය හැරදා එක මිටට, එක සෙවණකට එක්විය යුතුම මොහොතයි මේ !

අප අතර සිටි බොහෝ දෙනෙක් දැනටමත් විජාතික බලවේගවල ඩොලර් හමුවේ ඔවුන්ගේ රූකඩ බවට පත්වී හමාරය. මැයි 09 ඉටු කර ගැනීමට නොහැකි වූ ඔවුන්ගේ න්‍යාය පත්‍රය එම රූකඩ හරහා ඉටු කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබමු !.

නීතීඥ ප්‍රජාව අතරද සිටින බොහෝ දෙනෙක් දැනට විජාතික බලවේගවල ඉත්තන් බවට පත්වී ඇත. 13ට එරෙහිව අපටත් රටටත් නායකත්ව මණ්ඩලයක් අවශ්‍යය. 13 පැරදවීමට නම් ඒ වෙනුවෙන් රටට හිතැති සියලු බලවේග අප එකතු කරගත යුතුවේ. එම බලවේගය කඩා බිඳ දැමීමට කුමන්ත්‍රණ කරන බලවේග අප හොඳින් හඳුනා ගත යුතුවේ. අප විසින් ගොඩ නගන බලවේගය තුළින් දක්ෂ , රටට හිතැති නායකයන් ඉස්මතු වෙනු ඇත.

ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේත්, සිවිල් සංවිධාන හා රටේ පිළිගත් සැමගේ ගෞරවාදරයට ලක්වෙන නායකයන්ට රටේද නායකත්වය ලැබේවි. දක්ෂතාවය, කාරුණික බව, නුවණ, බුද්ධිය, ඉවසීම, අවංකත්වය හා ධාර්මික බව තුළින්, සියල්ලන්ගේම සිත් දිනාගන්නා අයට ඒ නායකත්වය, පිළිගැනීම, හා ගෞරවය නිසැකවම ලැබේවි. නායකත්වයක් යනු රණ්ඩු කර බලෙන් උදුරා ගත හැකි දෙයක් නොවේ ! කෝටි ගණන් වැයකොට පෝස්ටර් ගසා ජනතාවට අල්ලස් දී ලබාගත හැකි දෙයක් නොවේ. එය තමන් වටා සිටින ජනතාව විසින් ඔවුන්ගේ විශ්වාසය හා හිත් දිනා ගැනීම තුළ , ඔබට ආදරයෙන් පිළිගන්වන්නකි.

දෙයක් වේ නම් යම් සුදුස්සාටම නිසැකවම අයිති වෙනු නියතය. මේ මොහොතේ අපට අංක එක වන්නේ අපේ රට මිස වෙනත් කිසිම දේශපාලන පක්ෂයක්, සංවිධානයක් හෝ දේශපාලනඥයකු නොවේ. 13 පරාජය කිරීම අපට තනි තනිව හුදෙකලා සටනකින් කළ නොහැක්කකි. ඒ සඳහා කිසිදු කූට කුමන්ත්‍රණ හෝ ප්‍රයෝග වලින් බිඳ හෙළිය නොහැකි ශක්තිමත් කණ්ඩායමක් අපට අවශ්‍ය වේ.

එම නිසා ජාතික බලවේගය තුළ සිටින, සියලුදෙනා එකිනෙකා අතර ඇති සුළු සුළු මතභේද හේතුවෙන් එකිනෙකා ප්‍රතික්ෂේප නොකොට, එක මිටට එකමුතු වී, මේ දැඩි අනතුරින් රට බේරා ගැනීමට ශක්තිමත්ව පෙළ ගැසිය යුතුම මොහොතයි මේ! මේ අසීරු මොහොතේ රටත් ජනතාවත් පරදවන ලෙස බලලෝභී, ආත්මාර්ථකාමී, දේශපාලනය , නොකරන්නැයි මම සියලු දෙනාගෙන්ම කාරුණිකව ආයාචනය කර සිටිමි!

 – නීතීඥ මධුමාලි අල්විස් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More