ණය අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය ගන්නා උත්සාහයට එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය චීනයට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
එසේම ණය අර්බුදය හේතුවෙන් පීඩා විඳිමින් සිටින රටවලට ලබා දෙන සහාය කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඇය ඉල්ලීමක්ද කර තිබේ.
සංචාරක ක්ෂේත්‍රයෙන් සහ තේ අපනයනයෙන් ලැබෙන ආදායම සීමා වීම හේතුවෙන් මූල්‍ය පීඩාවකට මුහුණ දී සිටින මැදි අදායම් රටකට ශ්‍රී ලංකාව හොඳම නිදසුනක් බව සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහාය වීම සඳහා ණය හිමියන්ගේ කමිටුවක් පිහිටුවමින් ජපානය ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරන බවත් ඒ සඳහා ඉන්දියාව සහ ප්‍රංශයද සහාය ලබා දුන් බවත් සීතාරාමන් මහත්මිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...