දේශීය පුවත්

නව මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජපානයේ මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් යුකිකෝ ඔකානෝ මහත්මිය දෙරට අතර පැවති සාකච්ඡාවන් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කරමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිතකර සලකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කළ බවත් මේ අවස්ථාවේ ජපානයට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මණින් සහ ගැටලුවකින් තොරව අවසන් කිරීම බවත් ඔකානෝ මහත්මිය පෙන්වා දී තිබේ.

වගකිව යුතු ණය දෙන්නකු ලෙස ණය බරින් පීඩිත වී සිටින රටකට නව ණය ලබා දීම කළ නොහැකි බව ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ කිසිඳු ද්වි පාර්ශ්වික ණය හිමියකුට ශ්‍රී ලංකාව විශේෂයක් නොකරන බවට ජපානයට සහතිකයක් ලබා දී තිබෙන බව ඔකිකෝ මහත්මිය පවසා ඇත.

චීනය, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති අනුකූල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක කර ඇති විශාල පරිමාන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ ජපානය අවධානයෙන් පසුවන බවද ඔකානෝ මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති පිළිබඳ ජපානය සාකච්ඡා නොකළ බවත් ඉදිරියේදී ජපාන රජය ඒ පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවත් ඇය පවසා ඇත.

– ලංකාදීප –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More