අඩු ලංසු යටතේ ප්‍රමිතියෙන් යුත් අක්ෂි කාච අඩු මිලට ආනයන කිරීමට සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී රුපියල් කෝටි දහයක් වැඩිපුර ගෙවා එක්තරා සමාගමකට එම ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හෙළි කරයි.
එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් මෙම දූෂිත ගනුදෙනුව සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇති බවත්, එනිසා ගනුදෙනුව සිදුකිරීමට පෙර රජයේ විගණකාධිපති වහා මැදිහත්වී ඒ පිළිබඳ සොයා බලා රටට හෙළි කළ යුතුව ඇති බවත් ය.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ එක් සමාගමක් රුපියල් 9000 ක මිලකට එක් අක්ෂි කාචයක් මෙරටට ගෙනත් දීමට මිල ගණන් ඉදිපත්ව සිටියදී තවත් සමාගමක් ඒ අක්ෂි කාචයම රුපියල් 10,000 ක මිලකට ගෙන ඒමට මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි ද කියැවේ.
ඒ අනුව අක්ෂි කාච ලක්ෂයක් රජයේ රෝහල් වෙත ලබා දීමට නියමිත අතර මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැඩි මිල ඉදිරිපත් කර තිබෙන සමාගමට ලබාදෙනු ලැබුවහොත් රජයට අමතරව රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...