දේශීය පුවත්

ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවසන්නේ මෙම වසරේදී ලංවිම ලබන පාඩුව රුපියල් කෝටි පන්දහස ඉක්මවා යන බවට ගණන් බලා ඇති බවයි.

විදුලි ගාස්තුව දෙවරකදී සියයට හැත්තෑ පහකින් ඉහළ දමා තිබියදී මෙලෙස ලංවිම පාඩු ලබන්නේ ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීම නිසා බවයි පැවසෙන්නේ.

මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට ගෙන්වූ ගල් අඟුරු මිල ගණන් හා ඒවා මෙරටට ගෙන්වීමේ දී නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ආදී කාරණා ද බලපා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මගින්ද පෙන්වා දී ඇත්තේ ඉකුත් මාස හතේදී පමණක් ලංවිම රුපියල් කෝටි දෙදහස් නවසීය හැත්තෑ නවයක (2979) පාඩුවක් ලබා තිබෙන බවයි.

විදුලි ගාස්තු සියයට හැත්තෑ පහකින් පමණ ඉහළ දමා තිබුණත් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමෙන් ඉහළ දැමූ ගාස්තුවලින් පවතින පාඩුව පියවා ගැනීමට නොහැකි වී ඇති බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More