දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් තහනම් කර තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධාන 5ක තහනම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවත්, එසේ කළේ කවර සාධක මත පදනම් වී දැයි ජනාධිපතිවරයා ජනතාවට පැවසිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සිදුකළ අය පිළිබඳව තවමත් අවසාන හෙළිදරව්වක් සිදු වී නොමැති බවද, මෙම මහා සංහාරය සිදුකළ අයට තවමත් දඬුවම් ලැබී නැති බව හා මේ පිළිබඳ නොවිසඳී ඇති කරුණු රැසක් ඉතිරිවී තිබිය දී, මෙලෙස අන්තවාදී සංවිධානවල තහනම ඉවත්කරනු ලැබුවේ කවර හේතුවක් නිසාදැයි ජයන්ත සමරවීර මහතා ප්‍රශ්න කරයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් අද(29) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී කරුණු දක්වමින් ජයන්ත සමරවීර මහතා මේ බව පැවසීය.

ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ ජාධිපතිවරණයේ දී ඡන්ද කුට්ටියක් කඩා ගැනීමට බවත්, ඒ සඳහා එක් පසකින් උතුරේ ජාතිවාදීන් සතුටුකිරීමේ ක්‍රියාවලියක නිරතවන අතරේ දී අනෙක් පසින් අන්තවාදී, මූලධර්මවාදීන් ද සතුටු කිරීමේ උත්සාහයක නිරත වන බවටත් ඒ මහතා මෙහිදී චෝදනා නැගීය.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More