දේශීය පුවත්

තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්‍ෂ මහතා සහ පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් ප්‍රකාශ කර ඇති අතර, මෙහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පවසා ඇත්තේ තම මතවලට එකඟව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු නොකරනවා නම් ඔහුට සහය දීමෙන් පලක් නොවන බවය.

පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන්ට මෙතෙක් ඇමති ධූර නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් තම අදහස් ප්‍රකාශ කර තිබේ.

ඇමති ධූර නොලැබුණු පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීම පොදුජන පෙරමුණු පක්‍ෂයේ මතයට කරන හානියක් බව ද තම පක්‍ෂයට ලැබුණු 69 ලක්‍ෂයේ ජනවරමට අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගටම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්‍ෂ මෙහි දී පවසා ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More