ආර්ථික අර්බුදයට මුළු වෙර යොදා මුහුණ දීමට සියලු පාර්ශ්ව සමගි සම්පන්න කළ යුතු මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා, ජනාධිපතිවරයා සිදු කරන්නේ ආණ්ඩුව තුළ පවා භේදය වපුරවන කර්තව්‍යයක් බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ පෙන්වා දුන්නේ අද(27) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,
සමගිය වෙනුවට අසමගිය වපුරන වැඩක්!
“සර්ව පාක්ෂික සමුළුවට අප සහභාගී වූයේ බලාපොරොත්තුසහගතව නොවෙයි, අපේ මතය එහිදී ඉදිරිපත් කරන්නයි. නමුත් බලාපොරොත්තුසහගතව ඊට සහභාගී වූ බොහෝ පක්ෂ නායකයන් ඉන් පිටව ගියේ සුබවාදී හැඟීමකින් නොවෙයි. සමුළුව අවසානයේදී කිහිපදෙනෙකු හැර අන් සියලුදෙනා මාධ්‍ය වෙත පවසා සිටියේ සෘණාත්මක කතා. මේ වෙලාව, ආර්ථික අර්බුදය පිළිබඳව පූර්ණ අවධානය යොමු කොට ඒ සඳහා සියලු පාර්ශ්ව සමගිසම්පන්න කළ යුතු වෙලාවක්. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සිදු කර ඇත්තේ ඉහත කී සමගිය වෙනුවට අසමගිය වපුරන වැඩක්.
“ඓතිහාසික විකෘතියක්”
ආණ්ඩුව තුළම භේදයක් ඇතිව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් මේ පිළිබඳව සාධනීය මතයක් දරන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරයා ඊට වෙනස් මතයක සිටිනවා. මෙහිදී හිතාගන්න බැරි ඓතිහාසික විකෘතියක් ද දැක හැකිවුණා. ඒ තමයි ජාතික සංහිඳියාවේ නාමයෙන් 13 පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපතිවරයා සමුළුවක් කැඳවා ඇති මොහොතේ, ඔහුගේ දෙපස ‘එදා දහතුන්වැනි සංශෝධනයට විරෝධය පළ කරමින් එජාප ආණ්ඩුවෙන් ඉල්ලා අස් වූ මහින්ද යාපා අබේවර්ධන’ සහ ‘එදා දහතුන්වැනි සංශෝධනයට විරුද්ධව අභයාරාම පන්සලේ උද්ඝෝෂණ කැඳවූ දිනේෂ් ගුණවර්ධන’ වාඩි වී සිටීම.
සමගිය වපුරන මාවතක නොයන්නේ ඇයි?’
අපි මේ යමින් සිටින්නේ ආර්ථික අර්බුදය පියමන් කිරීමේ මාවතේ කියා කිසිවෙකු හිතනවා නම් ඒක වැරදියි. මේ යමින් සිටින්නේ ආර්ථික අර්බුදය තවතවත් තීව්‍ර කර ගැනීමේ මාවතකයි. ඒ නිසා අපි කළ යුත්තේ භේදය වෙනුවට සමගිය වැපිරීමයි. ‘ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුළු බර යොදා මුහුණ දෙමින්, සමගිය වපුරන මාවතක නොයන්නේ ඇයි?’ කියන ප්‍රශ්නය අප රට හමුවේ තබනවා.
කම්කරුවන්ගේ “තාත්තා” සහ හාම්පුතුන්ගේ “දුව”
මේ වන විට ඔබ දන්නවා, මනූෂ නානායක්කාර මහතා අමාත්‍ය ධුරය දරන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, පවතින කම්කරු නීතිය වෙනුවට කම්කරුවන්ට කිසිම සහනයක් නොලැබෙන නීතියක් කෙටුම්පත් කරලා දැන් එය සංවාදය පිණිස ඉදිරිපත් කරලා තිබෙනවා, කියා. මෙම නව කම්කරු නීති කෙටුම්පතට මූලික වශයෙන් මග පෙන්වීම සිදු කරනු ලබන්නේ එම අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතා විසිනුයි. ඔබට මතක ඇති යම් කර්මාන්ත ශාලාවක ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් ඔහුව දින හතක් ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණු බව.
මේ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාගේ දුව තමයි උපේක්ෂා විමලවීර. ඇය සේවය කරන්නේ හාම්පුතුන්ගේ සංගමයේ කාර්මික සම්බන්ධතා උපදේශිකාව(Industrial Relations Advisor) ලෙසයි. තාත්තා කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියදී දුව හාම්පුතුන්ගේ උපදේශිකාව ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ තත්ත්වය යටතේ අවසානයේදී හැදෙන්නේ කම්කරුවාට අවශ්‍ය නීතිය වෙනුවට හාම්පුතාලාට අවශ්‍ය නීතිය. මේක පුදුම තත්ත්වයක්. මේක බැඳියාවන් අතර ගැටුමක් නොවෙයි ද? ‘මේ බැඳියාවන් අතර ගැටුමක් තිබෙන අමාත්‍යාංශ ලේකම්වරු තියාගෙන මේ රටේ කම්කරුවාට බලපාන නීතිය සංශෝධනය කරන්න පුළුවන්ද? කියා අපි මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් අහනවා.
ඒ නිසා අපි මනූෂ නානායක්කාර ඇමතිවරයාට බල කොට කියා සිටිනවා, ‘මෙබඳු බැඳියාවන් අතර ගැටුමක් තිබෙන ලේකම්වරයකුව තියාගෙන අවුරුදු පනහක් හැටක් අරගල කරලා දිනාගත් කම්කරු අයිතීන්වලට අත කියන්න ලෑස්ති වෙන්න එපා!’ කියලා. මේ ‘බලු වැඩේට’ විරුද්ධව අපි ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.”
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-07-27
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...