උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් උතුර නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ, මුලතිව් – කොක්කුතුඩුවායි මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදන්වූවන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම හර්තාල් ව්‍යාපාරයට යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සේවක සංගමය, දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ සංගමය, දෙමළ ජාතික ජනතා පෙරමුන ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක්ද සහාය දක්වා ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් වවුනියාව දිස්ත්‍රික් වෙළඳ සංගමය, පෞද්ගලික බස් සංගම් මීට සහය දෙන්නේදැයි නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...