නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බවයි.
සර්ව පාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා ලෝකයටම පෙන්නූ බවත්, ඉතිහාසය පුරාම සිදු වූ දේශපාලන සූදු කෙළිය දැන්වත් නතර කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.
අලහප්පෙරුම මහතා මෙසේ පැවසූවේ අද (28) පැවති නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම සර්ව සර්වපාක්ෂික සමුළුව සැබෑ චිත්‍රය ජනතාව නොදුටු බවද ජනතාව දුටුවේ සංස්කරණය කරන ලද කොටස් පමණක් බවද ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
පළාත් පාලන ඡන්දය අනීතිකව කල් දමමින් බලය බෙදීමේ ආකෘතිය වූ පළාත් සභාද අක්‍රිය කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවද ඔහු මෙහිදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...