පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 32ක් ඇතුළු සැකකරුවන් 37 දෙනා අද (28) දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ.
ඉකුත් වසරේ මැයි 09 වනදා රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද යළි ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගෙන ඇත්තේ සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.
ඒ අනුව, දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 32ක් මෙන්ම ඇප මත මුදාහැරි සැකකරුවන් 05 දෙනා ද අධිකරණය හමුවේ අද පෙනී සිට ඇති අතර, එහිදී සැකකරුවන් 37 දෙනා සම්බන්ධයෙන් මීට පෙර නඩු වාරයේදී ඔවුන්ගේ නීතීඥයින් ඉල්ලා තිබූ ඇප ඉල්ලීම්වලට අදාළ නියෝගය ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 32 සහ ඇප මත මුදාහැර සිටන විත්තිකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...