ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය නැවත එළිදැක්වීමේ අවස්ථාවේ දී පැවැත්වූ දේශනයේ දී කල්‍යානන්ද තිරාණගම මහතා පැවසුවේ මෙම කෘතීන් හරහා පුද්ගල ජීවිතයට මෙන්ම සමාජයට ද ලැබෙන පන්නරය ඉමහත් බවයි.
තම ජීවිත කාලය පුරාවටම තමන්ට ලැබුනු අත්දැකීම් සුව්ශේෂී බවත්, ජීවිතයේ එල්ලවූ නොයෙකුත් අභියෝග හා දුක්ක දෝමනස්සයන්ට තමන් නොසැලී මුහුණ දෙනු ලැබුවේ මෙම දැනුමෙන් සන්නද්ධව සිටි නිසා බවයි ඒ මහතා පවසන්නේ.
ස්වභාදහමේ දී මෙන්ම සමාජ ක්‍රියාකාරීත්වයේ දී ද පොදුවේ ක්‍රියාත්මක වන ධර්මතාවයන් මාක්ස්වාදයේ මෙන්ම බුදුදහමේ ද පවතින බවත්, ද්විඝටනාත්මක භෞතිකවාදය හා බුදු දමහ අතර සමානතා ඇති බවත් තිරාණගම මහතා සඳහන් කරයි.
මෙහිදී තම ජීවන ගමන පිළිබඳව සුවිශේෂී අනාවරණයන් සිදුකරමින් තිරාණගම මහතා වැඩිදුරටත් පැවසුවේ නිවැරැදිව ලෝකය දකින්නට හා සෘජුව ඕනෑම දෙයක් පිළිබඳව සත්‍යවාදීව කතාකිරීමට මෙම දැනුම තමන්ට ද සුවිසල් දායකත්වයක් දැක්වූ බවයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...