පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බවත්, පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරී තත්ත්වයකට පත්වනු ඇති බවත් ඔහු පවසයි.
එමෙන්ම ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවද වක්කුඹුර මහතා සඳහන් කරයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙම අදහස් පළ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...