දේශීය පුවත්

ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් හරහා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලත්මක කිරීමට ජනාධිපතිවරයා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර ඇති වූ එකඟතාවයන් ඇතුළත් ලියවිල්ලක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද( 27) ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය.

මෙහි සඳහන් එකඟතා පිළිබඳව මෙතෙක් රටේ ජනතාව හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා නොදන්නා බව මෙහිදී ඒ මහතා හෙළිදරව් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ගේ ඇස් වසා කණ අත්සන ලබා ගන්නා අයුරින් මෙය සම්මත කරගැනීමට උත්සාහයක් ඇති බවද, 13 වැනි සංශෝධනයේ ඇති බාධක නිසා තවමත් රට නොබෙදී පවතින බව හා ඒවා ඉවත් කළ සැනින් රටේ වෙනම රාජ්‍යක් නිර්මාණය වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ලෝකයේ රටවල් 26ක් මේ වන විට බෙදා වෙන්කොට ඇති බවත්, ඒ සියල්ල සිදුවූයේ දේශපාලන විසඳුම් ලබාදෙන මුවාවෙන් බවත් වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.

13 සම්මත කර ගැනීමට ක්‍රම 2ක් ඇති බව සඳහන් කරන ඒ මහතා, ජනාධිපතිවරයා ලවා 13 ක්‍රියාත්මක නොවීමේ බාධක ඉවත් කිරීම හරහා පරිපාලනමය වශයෙන් එය ක්‍රියාත්මක කිරීම හා ව්‍යවස්ථා සංශෝධනයක් හරහා එය ක්‍රියාත්මක කිරීම එම ක්‍රම දෙක බව පෙන්වා දෙයි.

පරිපාලනමය වශයෙන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කෙරුන ද ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් එය බෙදුම්වාදීන්ට අවාසිවන බව දන්නා ඔවුන් කෙසේ හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා 13 බලාත්මක කිරීමේ උත්සාහය මෙම රහසිගත ලියවිල්ල මගින් හෙළිදරව් වන බවයි වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More