ප‍්‍රධාන පුවත්

පසුගිය පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පොරොන්දු පත්‍රිකාවක් රටේ ජනතාව ඉදිරියේ තිබ්බා. මහින්ද මහත්තයා පැරදිලා මැදමුලනට ගියා බැරි වෙලාවත් ඒ දුන්නු පොරොන්දු පත්‍රිකාවෙන් 50%ක්වත් ඉෂ්ඨ කරලා තිබුණා නම් අපිට දේශපාලනයේ අලුත් ගමනක් යන්න ඉඩක් නැහැ. අපි ඒක පිළිගන්නවා. 2018 පෙබරවාරි 10න් පස්සේ මම විශ්වාස කරනවා පස්සට ආවා අපි අඩියක්. සමහර විට මේ ඇත්ත අහන්න කැමති නැහැ. සභාපතිලා උප සභාපතිලා පත් වෙනකොට ප්‍රශ්න මතු වුණා. ලැයිස්තුවේ මන්ත්‍රීකම් දෙනකොට ප්‍රශ්න මතුවුණා. දැන් එනවා ගම්පෙරලියක් කියලා එකක්, මන්ත්‍රීවරු ඔලුවේ අත තියාගෙන ඉන්නවා අද අරූ ගම්පෙරලිය කරලා ලක්ෂ 30ක් කොට්ඨාශයට ගෙනල්ලා මට මන්ත්‍රීවරයා හැටියට හම්බුනේ ලක්ෂ 2යි. ඒක ප්‍රශ්නයක්. මූන්ට විකුණගෙන කන්න දේවල් අපි හදලා දුන්නා. අද අපිට හූල්ල හූල්ල බලාගෙන ඉන්න වෙලා තියෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More