දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූවේ රටේ ජනතාවගේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසීම සඳහා බවත්, 13 වැනි සංශෝධනය යම් ආකාරයකින් ක්‍රියාත්මක වුවහොත් රට රටේත්, ජනතාවගේත් අවසානය එය වන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අද(27) ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ගුණදාස අමරසේකර මහතා චෝදනා නැගුවේ ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් මගින් නැති ලෙඩකට බෙහෙත් කිරීමට උත්සාහ දරන්නේ රටේ ජනතාව මුලාකරමින් බවය.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් කිසිසේත්ම නොමැති බවත්, රටේ පවතින්නේ රට අස්ථාවර කිරීම සඳහා දේශීය හා විදේශීය බලවේග විසින් සිදුකරමින් පවතින කුමන්ත්‍රණයක් පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය කාලවල අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග මෙන්ම ඉන්දියාවේ ක්‍රියාකලාපයද දෙස බැලීමේ දී ඕනෑම කෙනෙකුට මේ බව දැකගත හැකි බවද, අමෙරිකානු හා ඉන්දියානු ගිවිසුම් හරහා මෙරට දියත්වන කුමන්ත්‍රණය පැහැදිලිව හඳුනාගත හැකි බව ද ඒ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීම මගින් තමන්ගේ ඇඟ බේරාගැනීමට බව පවසන ගුණදාස අමරසේකර මහතා, 13 වැනි සංශෝධනය මගින් රටවල් 2ක් බිහිවීම සිංහල මිනිසුන්ට හෝ දෙමළ මිනිසුන්ට අවශ්‍ය නැති බව ද පෙන්වා දෙයි.

රට බෙදීම අවශ්‍යව ඇත්තේ තමන්ගේ ආධිපත්‍ය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බව දන්නා ජාතිවාදී දෙමළ නායකයන්ට, ලොව පුරා විසිරී සිටින ජාතිවාදීන්ට, බටහිරට කඩේ යන මෙරට NGO නඩවලට හා මාක්ස්වාදීන් යැයි හඳුන්වන අතලොස්සකට මෙන්ම අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග හා ඉන්දියානු බලවේගවග භූදේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් දියත්වන කුමන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා බවයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වැඩි දුරටත් පවසන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More