දේශීය පුවත්

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහමාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටී.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන්ගන්නා වාහනවලට බාධා කරමින් වන අලින් ආහාර ලබාගැනීමේ සිදුවිම් පසුගිය කාලය තුළ බහුලව දක්නට ලැබුණි.

එබැවින් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැලකී සිටින ලෙස වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More