දේශීය පුවත්

සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර මත ගැටුමක් හටගත් බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රාඝවන් මහතා,

“මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තීරණයක් තිබුණේ නෑ. සුමන්තිරන් මන්ත්‍රීතුමා, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමා සහ ඉතුරු අය අතරේ, මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ඡන්දේ තියන්න ඕනේ ද කියන මතවාදය ගොඩක් මතුවුණා. ඒ අය ඒ ප්‍රශ්නය විසඳාගන්න ඕනේ. අපි පැහැදිලිව කියනවා අපිට සහෝදරත්වයෙන් ගොඩවෙන්න නම්, එකමුතුකම අවශ්‍යයි ආර්ථිකය ගොඩනැඟුණු කළ උතුරේ වගේම දකුණෙත් බොහෝ ප්‍රශ්න විසඳෙනවා. මම හිතන්නේ අපි ලබන මාසයේ දී නැවත හමුවීමට නියමිතයි. එහිදි මීට වඩා පැහැදිලි සහ සම්මුතවාදී ස්ථාවරයකට එන්න පුළුවන් වෙයි කියන එක මාගේ ස්ථාවරය. මගේ ආණ්ඩුකාර කාලෙත් මම කිව්වා. දෙමළ පොලීසියක් අවශ්‍ය නැත. තියෙන පොලීසියට දෙමළ අය බඳවා ගන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More