කොළඹ ජාතික රෝහල විසින් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල් මිලියන 339 ක් වන බවත්, එය නොගෙවීම නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇති බවත් කොළඹ ජාතික රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි අවදානමක් මතුව ඇති බවද, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවිය යුතු හිඟ මුදල් තවදුරටත් නොගෙවා සිටියහොත් රෝහලේ රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද එහි උසස් නිලධාරියකු සඳහන් කරයි.
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් මේ ගැන රෝහලට පැමිණ දැනුම් දී ඇති පසුබිමක, මේ වන විට ජාතික රෝහලේ ශල්‍යාගාරවලද ශල්‍ය කටයුතු සිදු කිරීමට රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින හෙයින් කිසියම් හේතුවකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් රෝගීන් දැඩි අවදානමකට පත් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...