දේශීය පුවත්

ඇෆ්ගනිස්ථාන තලේබාන් රජයේ ‘ආරාධිත හා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ මණ්ඩලයේ’ ප්‍රධානී මොහොමඩ් හෂීම් ෂහීඩ් වෝර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටයි පටි පැළඳීම හෙළා දකිනු ලැබූ අතර ඒවා ක්‍රිස්තියානි කුරුසියේ සලකුණක් බවත් එබැවින් සමාජයෙන් ඉවත් කළ යුතු බවත් අවධාරණය කළේය.

ඇෆ්ගනිස්ථානයේ ටෝලෝ ටීවී විසින් විකාශනය කරන ලද දේශනයකදී මොහොමඩ් හෂීම් ෂහීඩ් වෝර් ඊයේ(26) මෙලෙස අදහස් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු රෝහල්වලට සහ වෙනත් වෘත්තීය මධ්‍යස්ථාන වලට යන විට ඇෆ්ගන් මුස්ලිම් වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවෙකු බෙල්ලේ ටයි පටියක් පැළඳ සිටින විට තමා කෝපයට පත් වන බව පැවසීය.

“කරපටියේ ඉතිහාසය ඉස්ලාම් ධර්මය තුළ පැහැදිලි කර තිබෙනවා.” වෝර් පැවසීය. “ටයි පටියක් යනු කුමක්ද? එය කුරුසයයි. ටයි පටියෙන් කුරුසය නිරූපනය කරනවා. ඔබ ඒවා කඩා ඉවත් කළ යුතු බව ෂරියා නීතියෙන් නියෝග කර තිබෙනවා.” වෝර් වැඩිදුරටත් අවධාරණය කළේය. ‘නිසි ඉස්ලාමීය හැසිරීම්” පිළිබඳව ඇෆ්ගනිස්ථානුවන්ට මඟ පෙන්වීම සම්බන්ධයෙන් ආරාධනා සහ මාර්ගෝපදේශ අධ්‍යක්ෂ මණ්ඩලයට චෝදනා එල්ල වේ.

රූපවාහිනී නිවේදකයන් පැළඳ සිටින ටයි පටි සම්බන්ධයෙන්ද වෝර් අදහස් දක්වනු ලැබුවේය. එහිදී “කුරුසය මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ සංකේතයක්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. “කුරුසය යේසුස් වහන්සේගේ ප්‍රාණ පරිත්‍යාගයේ සංකේතයක්. ක්‍රිස්තු භක්තිකයන් පවසන්නේ යේසුස්ව ටයි පටියෙන් නිරූපණය වන ආකාරයට එල්ලා ඇති බවයි.” වෝර් අවධාරණය කළේය.

තලේබාන්වරුන්ට දැඩි සමාජ පාලන ඉතිහාසයක් ඇති නමුත් 2021 අගෝස්තුවේ බලය නැවත ලබා ගැනීමෙන් පසු පිරිමින්ට කිසිදු ඇඟලුම් සීමාවක් පැනවීමට කටයුතු කළේ නැත. කාන්තාවන් පොදු ස්ථානවලට යන විට බුර්කාවකින් හෝ හිජාබයකින් හිස ආවරණය කිරීම අවශ්‍ය වේ.ඇෆ්ගනිස්ථාන රජය මේ මස මුලදී පැනවූ තහනමක් අනුව රූපලාවන්‍යාගාර වසා දැමිය යුතු බව රජය පසුගිය 25 වනදා නිවේදනය කළේය.

ඇෆ්ගනිස්ථානය එක්සත් ජනපද ආක්‍රමණය සමයේ අවසාන රාජ්‍ය නායකයා වූ හිටපු ජනාධිපති අෂ්රෆ් ඝානි, කාබුල්හි සාම්ප්‍රදායික සල්වාර් කමීස් ඇඳීමට සහ බොහෝ විට විදේශ ගමන්වලදී බටහිර ඇඳුම් ඇඳීම සහ ටයි පටි ගෙල පැළඳීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට විය. කෙසේ වුවද එක්සත් ජනපද නිලධාරීන් අවුල් සහගත ලෙස ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ තලේබාන්වරු කාබුල් අල්ලා ගනු ලැබූ අතර ඔහු කාර් හතරක් සහ මුදල් පිරවූ හෙලිකොප්ටරයක් සමඟ ඇෆ්ඝනිස්ථානයෙන් පලා ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More